2024 වර්ෂයේ සිදු වූ ආර්ථික විපර්‍යාසයන්ට අනුකූල ව දළ දේශීය නිෂ්පාදිත අගයේ වැඩිවීමක් ශ්‍රී ලංකා මහ බැංකුව බලාපොරොත්තුවෙන් සිටිනවා.
අද (27) පැවති විශේෂ මාධ්‍ය හමුවක දී මහ බැංකු අධිපති ආචාර්‍යය නන්දලාල් වීරසිංහ මහතා පැවසුවේ; 2024 වර්ෂය සඳහා දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනය 4.5%ක් බවත් එය 5%ක් වනු ඇති බවට අපේක්ෂාවෙන් පසුවන බවයි.
ණය ගෙවීම ආරම්භ කළහොත් රට අර්බුදකාරී තත්ත්වයකට ලක්වීමට ඉඩ ඇති බවට පළ වන මතවාද සම්පූර්ණයෙන් ම වැරදිසහගත බව ද මහබැංකු අධිපතිවරයා පැවසුවා.
ඉදිරි වසරේ දී මෙරට ආර්ථිකය සුබදායී තත්ත්වයකට පත්වනු ඇතැයි විශ්වාස කරන බවයි මහ බැංකු අධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
+1
4
+1
+1
1
+1
+1