spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

දළදා වහන්සේට අපහාස කළ තැනැත්තාට උපරිම දඬුවම්

දළදා වහන්සේට අපහාස වන අයුරින් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශ නිකුත් කළ පුද්ගලයාට එරෙහිව පවතින නීතිමය ප්‍රතිපාදන යටතේ උපරිම නීතිය ක්‍රියාත්මක කරන බව අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ පවසනවා.

අද පාර්ලිමේන්තුවේදී කරුණු දක්වමින් ඔහු පෙන්වා දුන්නේ ආගමික විශ්වාසවලට හානිවන ආකාරයට කටයුතු කිරීම වසර දහයක් වුවත් සිරගත කළ හැකි වරදක් බවයි.

දණ්ඩ නීති සංග්‍රහයේ 290 වගන්තිය යටතේ යම් ආගමික විශ්වාසයකට කිසියම් අයෙකු අපහාස කරන්නේ නම් හෝ එම ආගම විශ්වාස කරන අයගේ හද පෑරෙන ආකාරයෙන් කටයුතු කරන්නේ නම් එය දඬුවම් ලැබිය හැකි වරදක් ලෙස සඳහන් වන බවයි අධිකරණ අමාත්‍යවරයා කියාසිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
39
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?