දළදා මාළිගාව පවත්වාගෙන යන්න දිනකට ලක්ෂ 50ක ආදායමක් අවශ්‍යයි – දියවඩන නිළමේ

මහනුවර ශ්‍රී දළදා මාළිගාව පවත්වාගෙන යාම සඳහා වසරකට රුපියල් කෝටි 150ක ආදායමක් අවශ්‍ය බව දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල පවසනවා.

දියවඩන නිළමේවරයා පවසන්නේ දිනකට රුපියල් ලක්ෂ 50ක ආදායමක් ඇතිකර නොගත්තොත් දළදා මාළිගාවේ කටයුතු පවත්වාගෙන යාම අසීරුවන බවයි.

එය මෙම වසරේ අභියෝගයක් වී ඇති බවත් ඔහු සඳහන් කර සිටියා.

ශ්‍රී දළදා මාලිගය වෙත ස්වකීය සේවය ලබාදුන් රාජකාරීකරුවන්, විවිධ මට්ටමේ වෘතිකයන්, කලා ශිල්පීන් ඇතුළු 400කට ආසන්න පිරිස වෙත දශක දෙකකට වැඩි කාලයක් ඉටු කළ මෙහෙවරට ප්‍රණාම පුද කිරීමේ ප්‍රණාම උළෙලට එක්වෙමින් දියවඩන නිළමේවරයා මේ බව පැවසුවා.

පල්ලෙකැලේ, ශ්‍රී ලංකා ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථාන ප්‍රධාන ශ්‍රවණාගාරයේ දී ඊයේ (23) මෙම ප්‍රණාම උළෙල පැවැත්වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
4
+1
5
+1
3
+1
3
+1
0
+1
5
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?