spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

දස හැවිරිදි දැරියකට රහසඟ පෙන් වූ සහාය අධ්‍යක්ෂකවරයෙක් අත්අඩංගුවට

හෝමාගම මූලික රෝහලට ප්‍රතිකාර ලබාගැනීමට පැමිණි දස හැවිරිදි දැරියකට රහසඟ පෙන් වූ බව කියන සහාය අධ්‍යක්ෂකවරයෙකු යැයි කියාගන්නා පුද්ගලයෙකු හෝමාගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දැරියගේ පාදයක ඇතිවූ තුවාලයකට ප්‍රතිකාර ලබාගැනීම සඳහා සිය මව සමඟ පැමිණි දැරිය රෝහලේ මූලික ප්‍රතිකාර ඒකකය අසල රැඳී සිටිය දී මෙම සිද්ධියය මුහුණ පා ඇති බවයි පොලිසිය පැවසුවේ.

දැරියගේ මව පුටුවක ඉඳගෙන සිටියදී දැරිය ඒ අසල හිටගෙන සිට ඇති අතර, ඊට පිටුපසින් සිටි සැකකරු පැළඳ සිටි සපත්තුවේ ලේස් එක ගැට ගසන මුවාවෙන් දැරියට මෙම අපචාරය සිදුකර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

එහිදී සැකකාර පුද්ගලයා පිළිබඳ දැරිය සිය මවට පැවසීමත් සමඟ ඔහු එම ස්ථානයෙන් නැඟිට පිටව යාමට උත්සාහ දරා ඇති බව සඳහන්.

ඒත් සමඟ දැරිය මව කෑ ගසා ඇති අතර, ප්‍රතිකාර ලබාගැනීමට පැමිණි රෝගීන් සහ සෞඛ්‍ය කාර්යය මණ්ඩලය එක්ව සැකකරු අල්ලා පොලිසියට භාරදිමටයි කටයුතු කර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?