spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

දසුන් ශානක තවදුරටත් ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ ඉන්දියාවේ

ආබාධයක් හේතුවෙන් ලෝක කුසලාන සංචිතයෙන් ඉවත්වීමට සිදු වූ ශ්‍රී ලංකා සීමිත පන්දුවාර නායක දසුන් ශානක තවදුරටත් ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ රැඳී සිටින බව වාර්තා වනවා.

Traveling Reserve ක්‍රීඩකයෙකු ලෙස ඔහු ශ්‍රී ලංකා පිළ සමඟ රැඳී සිටින බවයි ඉන්දියවේ ලක්නව්වලින් වාර්තා වුණේ.

දසුන්ගේ ආබාධය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා වෛද්‍ය කණ්ඩායම තවදුරටත් පරීක්ෂාවෙන් පසුවන බව සඳහන්.

ඔහුගේ ඉවත්වීමෙන් පසු ලෝක කුසලාන තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම කුසල් මෙන්ඩිස් වෙත පැවරුණා.

මේ අතර ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක කුසලාන තරගාවලියේ තුන්වන තරගය අද (16) පස්වරුවේ ලක්නව් හිදී ඕස්ට්‍රේලියාව සමඟ පැවැත්වෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
27
+1
6
+1
30
+1
8
+1
26
+1
16
+1
3
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?