දසුන්ට 2023 IPL කණ්ඩායමක නායකත්වය ?

2023 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගවලියේ ක්‍රීඩක වෙන්දේසියට පෙර, සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම ඔවුන්ගේ නායක කේන් විලියම්සන් නිදහස් කිරීමට පසුගිය සතියේ තීරණය කළා.

ඒ, අනුව කේන් විලියම්සන් වෙනුවට නායකයෙකු තෝරා ගැනීම හයිද්‍රාබාද් කණ්ඩායමේ මීළඟ අභියෝගය වී තිබෙනවා.

ඉන්දීය ප්‍රිමියර් ලීග් 2022 මෙගා වෙන්දේසියට පෙර විලියම්සන් සන්රයිසස් හයිද්‍රාබාද් පිළේ ඉහළම ක්‍රීඩකයා බවට පත්ව සිටියා.

කෙසේ වෙතත්, මෙම වසරේ විලියම්සන් පිතිකරනයේ දී දැක්වූ දුර්වලතා හේතුවෙන් ඔහු එම සංචිතයෙන් නිදහස් කිරීමට ප්‍රධාන සාධකය වූ බවයි විචාරකයින් සඳහන් කළේ.

ඒ, අනුව සන්රයිසස් හයිද්‍රාබාද් නායකත්වය සඳහා තරග කිහිපයක දී එම කණ්ඩායම මෙහෙය වූ බුවනේෂ්වර් කුමාර්ට අමතරව දකුණු අප්‍රිකාවේ නායකත්වය දැරූ ඒඩ්න් මාක්‍රම්ට ද අවස්ථාවක් පවතිනවා.

කෙසේ වෙතත් මාක්‍රම් සහ බුවනේෂ්වර් කුමාර් ගෞරවනීය තේරීමක් වුව ද විස්සයි විස්ස පිටිය තුළ වැඩි නායක අත්දැකීම් සහිත නායකයෙකු තෝරා ගැනීම හයිද්‍රාබාද් කණ්ඩායමේ අරමුණ වී තිබෙනවා.

ඒ, අනුව අයි.පී.එල්. 2023 වෙන්දේසියේ දී හයිද්‍රාබාද් නායකයා ලෙස ක්‍රීඩකයින් කිහිපදෙනෙක් සම්බන්ධයෙන් අවධානය යොමුව ඇති බව සඳහන්.

ඉන්දීය ක්‍රීඩක මායන්ක් අගර්වාල්, එංගලන්ත තුන් ඉරියව් ක්‍රීඩක බෙන් ස්ටොක්ස්, බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක ජේසන් හෝල්ඩර් සහ ශ්‍රී ලංකා විස්සයි විස්ස නායක දසුන් ශානක එම ක්‍රීඩකයින් බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් තොරතුරු වාර්තා කර තිබුණේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මෙන්න කොල්ලෝ ඇවිත් අයිස් විසි කරන හැටි.."ලයිට් කණුව ගාවට මොනවදෝ විසිකළා..මට සැකයි"
02:32
Video thumbnail
පූජිත්ට සහ හේමසිරිට දුන්න තීන්දුව ගැන කියලා දිලීප පීරිස්ගෙන් සැර කතාවක් - මේ ඉන්නේ අපරාධකරුවන් එක්ක
13:17
Video thumbnail
මහවැලි, කොත්මලේ අපේ හදවත වගේ - ජීවිතයක ගාණ ලක්ෂ 50ක් දීලාවත් මනින්න බෑ
04:57
Video thumbnail
මෙන්න ආණ්ඩුවේ කෙරුවාව එළියට..පොටෝ වගයක් ලීක්වෙයි? - තවත් අවු:5ක් ඉන්නද හදන්නේ ?
07:04
Video thumbnail
සමථ මණ්ඩල ක්‍රියාත්මක වීමෙන් අධිකරණ පද්ධතියේ පීඩනය අවම කිරීමට හැකි - අපි ස්තූතිවන්ත වෙනවා
07:19
Video thumbnail
අවුරුදු 4රේ දැරියට ප#රදුන් මව සහ අනියම් පුරුෂයා හාලිඇලෙන් අල්ලයි
01:09
Video thumbnail
බත්තරමුල්ලේ සුපිරි හෝටලයකට කඩා පැන්න කිඹුලා
01:04
Video thumbnail
වත්තල වෙ# තැබීමේ සිද්ධියේ සැකකරුවන් ඉන්දියාවේ සිට පිටුවහල් කර එවයි
00:56
Video thumbnail
බත්තරමුල්ලේ සුපිරි හෝටලයකට කඩා පැන්න කිඹුලා - මිනිස්සු හතරවටේ දුවයි
01:52
Video thumbnail
නාමල් සහ ඔහුගේ බිරිඳ ආශිර්වාද ලබා ගන්න මයුරපති කෝවිලට එයි - මිනිස්සු නාමල්ව පිළිගත්ත හැටි
01:17