දවසට බිත්තර 30ක් සහ මස් කිලෝ එකහමාරක් කන ලස්සන දොස්තර මහත්තයා

ලංකාවේ ප්‍රසිද්ධ පුද්ගලයින් ගැන නිතර කතා කරද්දී කාලෙන් කාලෙට විශේෂ පුද්ගලයින් ගැන කතා කරනවා. 

අපි දැන් කතා කරන්න සුදානම් වෙන්නෙත් ඒ වගේ වෛද්‍යවරයෙක් ගැන. 

බැලූ බැල්මට හින්දි නලුවෙක් වගේ කියලා හිතෙනවා. නමුත් ඔහු එහෙම කෙනෙක් නෙවෙයි. ලස්සන ශරීරයක් වගේම ලස්සන හිතකුන් තියන අපේ රටේ වෛද්‍යවරයෙක්.

ඔහු තමයි මුල්ලේරියාව මුලික රෝහලේ සේවය කරන ඩොක්ටර් සචින් සමරසිංහ.

“මගේ ගම මාතර, විවහා වෙලා දැන් පදිංචි වෙලා ඉන්නේ පිළියන්දල. මම ජිම් යන්න පටන් ගත්තේ ඕලෙවල් ඉවරවෙලා ගෙදර හිටිය ඒ කාලයේදී. මම පාසල් ගියේ මාතර රාහුල විද්‍යාලයේ, ඒ කාලයේ ක්‍රිකට් සෙල්ලම් කරන්නත් ගොඩක් වෙලාව වෙල් කළා. පස්සේ ඕලෙවල් විභාගය නිසා ක්‍රිකට් ගහන එකත් නවත්වන්න සිද්ද වුනා. ඒ වගේම මම ක්‍රීඩා වලට යොමු කරන්න තාත්තාට ගොඩක් ලොකු උවමන්වක් තිබුනා. තාත්තා සේවක කලේ ගුවන් හමුදාවේ.පස්සේ තාත්තා මාව සම්බන්ද කළා ජිම් එකකට. ඒ කාලේ මම ගොඩක් කෙට්ටුයි. ඒ නිසා එතනින් කිව්වා අනිත් අය වගේ හරියන්නේ නැහැ. ටිකක් වැඩිපුර කන්න ඕනේ, දවසට බත් වෙල් පහක් හයක් කන්න කියලා. ඒ විදියට කාලයක් කරගෙන යද්දී එලේවල් නිසා ආයෙත් ජිම් යන එක සම්පුර්ණයෙන්ම නවත්වන්න සිද්ද වුනා. නමුත් මම අවුරුදු තුන හතරක් ජිම් ගිහිල්ලත් කවුරුත් මගෙන් අහන්නෙවත් නැහැ ජිම් එකකට යනවද කියලා වත්. කාලයක් යද්දී තමයි මම ගොඩක් මහන්සි වෙලා මේ තත්වෙට ආවේ.මගේ ප්‍රධානම ආහාරවේල් වෙන්නේ බිත්තර සුදු මද සහ චිකන්, දවසට බිත්තර සුදු මද තිහක් සහ, චිකන් කිලෝ එකහමාරක් ආහාරයට ගන්නවා. ඒ ආහාර රටාව පටන් අරන් දැනට අවුරුදු තුනක් වෙනවා. බිත්තර එක වේලකට දහය ගානේ දවසට තිහක් ගන්නවා. මුලින්ම බිත්තර පහලව, විස්ස වගේ කාලයක් ආහාරයට අරගෙන ඉන් පස්සේ තමයි තිහකට ආවේ. ඊළඟට චිකන් කිලෝ එකහමාරක්  දවසකට ගනන්වා. එකත් මම ගන්නේ කොටස් තුනකට වෙන් කරලා. චිකන් තම්බලා කූල් වතුර දාලා බ්ලෙන්ඩ් කරලා වැඩ කරන ගමන් ටික ටික ඒක බොනවා. දවසට පැය දෙකෙන් දෙකට මේ බිත්තර සහ චිකන් ආහාරයට අරගෙන ඉවර කරනවා. මම ජිම් එකට යන්නේ හවසට පැය දෙකක් වගේ තමයි ජිම් එකේ ඉන්නේ. මම නින්දට යන්නේ රෑ දෙකට විතර, මගේ වෘත්තීය සහ වැඩකටයුතු එක්ක ගොඩක් ලොකු කැපකිරීමක් එක්ක තමයි මේ විදියට වැඩ කටයුතු කරගෙන යන්නේ.”

  1. That is how WEIGHT LIFTERS, WRESTLERS, BODY BUILDERS should take foods and drinks. But NUTRITIONAL SUPPLIMENTS in the form of tablets, capsules are allowed to increase body fitness as an alternative to food. Purely through foods are possible to have a body builder look. Some injections to provide vitamins, minerals and nutrition to build muscles are taken by body builders. Daily NUTRITIONAL SUPPLEMENTS are necessary if you want to have a body builder look.💪

  2. “චිකන් තම්බලා කූල් වතුර දාලා බොනවා”

    ඇඟක් හදන්න මෙහෙමත් දුකක් 🥴 කියවද්දිත් අප්පිරියයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්චුනා රටේ ජනතාවට හොඳ උත්තරයක් දුන්නා
10:27
Video thumbnail
22 මහ පාරේ පරද්දන්න අපි ලෑස්තියි
11:28
Video thumbnail
JVP කියන්නේ මේ ව්‍යවස්ථා සෙල්ලම් නිසා සල්ලම් වුණ ව්‍යාපාරයක් - ඔය ඔක්කොම සෙල්ලම් ව්‍යවස්ථා සෙල්ලම්
13:37
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.15
00:00
Video thumbnail
විශ්වවිද්‍යාල ටික කළු වෙයි - වෘත්තීය ක්‍රියාමාර්ග අපි අත්හිටුවන්නේ නෑ
05:12
Video thumbnail
පුනානි ප්‍රදේශයේ කසල බැහැර කරන ස්ථානය නිසා අලින්ට අත්වී ඇති ඉරණම - ජීවිත දැඩි අවදානමක
00:51
Video thumbnail
නිදන් සොයා කැනීම් කරමින් සිටි දෙදෙනකු උපකරණ එක්ක කුදලන් එයි
00:50
Video thumbnail
නුවරඑළියේ පෝනින් නිසා අනතුරු රැල්ලක් - CCTV කැමරාවේ සටහන් වූ අයුරු
00:41
Video thumbnail
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටලු රැසක් චමල් හෙළිකරයි - භාණ්ඩාගරයේ සල්ලි තිබුණට වෛද්‍ය සැපයුම් ඒකකය අසමත්
15:20
Video thumbnail
කොළඹට ඇදහැලුණු මහ වැස්ස - ප්‍රදේශ රැසක් ජලයෙන් යටවෙයි
01:57