දරු පවුල අතහැර ෆේස්බුක් පෙම්වතා සොයා බෝඩරය පැන්න අංජු (වීඩියෝ)

ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ හඳුනාගත් පෙම්වතා සොයා පාකිස්ථානයට ගිය ඉන්දීය විවාහක කාන්තාවක් පිළිබඳව මේ දිනවල විදෙස් මාධ්‍යයේ දැඩි අවධානයක් යොමුව තිබෙනවා.

විවාහක සැමියා සහ දරුවන් දෙදෙනා අත්හැර හොර රහසේ පාකිස්ථානයට ගිය 34 හැවිරිදි අංජු නැමැති මෙම කාන්තාව සිය 24 හැවිරිදි පාකිස්ථාන පෙම්වතා සමඟ විවාහ වී ඇති බවයි මේ වනවිට තොරතුරු වාර්තා වන්නේ.

මොවුන් දෙදෙනා 2019 වසරේ දී ෆේස්බුක් සමාජ මාධ්‍ය ඔස්සේ හඳුනාගෙන ඇති බවයි තොරතුරු අනාවරණය වී ඇත්තේ.

මෙම කාන්තාව විවාහ වීමට පෙර ඉස්ලාම් ආගමට හැරීමෙන් පසු, පොලිස් නිලධාරීන් සහ නීතීඥයින් ඉදිරියේ, පාකිස්ථානයේ දිර්බාලා හි දිසා අධිකරණයේ පෙනී සිටි තිබෙනවා.

ඉන්දියානු ජාතික මෙම කාන්තාව ඉස්ලාම් ආගමට හැරවීමෙන් පසු ෆාතිමා ලෙස නම් තබා ඇති බවයි වාර්තා වන්නේ.

“මම නීත්‍යානුකූලව සහ සැලසුම් සහගතව මෙහි පැමිණියේ, සියලු දෙනාට මෙම පණිවිඩය ලබාදීමට මට අවශ්‍යයි, මම මෙහි ආරක්ෂිතව සිටිනවා. මගේ ඥාතීන්ට සහ දරුවන්ට හිරිහැර නොකරන ලෙස මම සියලුම දෙනාගෙන් ඉල්ලා සිටිනවා.” යනුවෙන් මෙම කාන්තාව මාධ්‍ය වෙත පවසා තිබෙනවා.

අංජු නැමැති මෙම කාන්තාව අරවින්ද් නැමැති පුද්ගලයෙකු සමඟ මීට පෙර විවාහ වී සිටි අතර, ඔවුන්ට අවුරුදු 15ක දියණියක් සහ අවුරුදු හයක පුතෙක් ද සිටිනවා.

මැය ඉන්දියාවේ සිට Wagah-Attari දේශසීමා බෝඩරය හරහා නීත්‍යානුකූලව පාකිස්තානයට ගොස් සිය පෙම්වතා මුණගැසී ඇති බවයි වාර්තා වන්නේ.

අංජුගේ, නස්රුල්ලා නැමැති පාකිස්ථාන ජාතික පෙම්වතා ෂෙරින්ගල්හි විශ්ව විද්‍යාලයක විද්‍යා උපාධිධාරියෙකු වන අතර, ඔහු සහෝදරයින් පස්දෙනෙකුගේ පවුලේ බාලයායි.

මම කාන්තාවගේ ස්වාමිපුරුෂයා වන අරවින්ද් රාජස්ථානයේ භිවාඩි හි දී මාධ්‍ය වෙත පැවසුවේ ඇය බ්‍රහස්පතින්දා ජායිපූර් යන මුවාවෙන් නිවසින් පිටව ගිය නමුත් පසුව ඇය පාකිස්ථානයේ සිටින බවට දැනගන්නට ලැබුණු බවයි.

ඇය නැවත නිවසට එනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බව ඔහු වැඩිදුරටත් පවසා තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නිරෝෂා සංවේදී වී නන්දා මාලනිය වෙනුවෙන් පිටකල වදන් - ඇයගේ අඩුව පුරවන්න ආදේශකයක් නෑ
02:34
Video thumbnail
මිනිස්සුන්ව රවට්ටපු ඒජන්සියක් වටලයි
01:18
Video thumbnail
මොන කාල#ණ්නිද මුන්..සල්ලිවලින් කාලා ආතල් ගන්නවා - මිනිස්සුන්ව රවට්ටපු ඒජන්සියක් වටලයි
03:18
Video thumbnail
නන්දා මාලනීට නාවික හමුදාපති පැමිණ දුන් නිල ආචාර‍ය - නාවික හමුදාපතිව මිනිස්සු වට කරගයි
00:42
Video thumbnail
බොන්න වතුර නැතිව දුක් විඳින දේවහූව ගම්මානයේ මිනිස්සු - වකුගඩු රෝගීන් එන්න එන්නම වැඩිවෙනවා
14:15
Video thumbnail
නිවී ගිය යශෝරාවයට කාදිනල් හිමි අවසන් බුහුමන් දෙන්න ආ අයුරු - අපේ ජාතික වස්තුවක් අහිමි වුණේ
00:53
Video thumbnail
හෙළ ගීයේ අමරණීය ස්වරයට, නාවික හමුදාපතිගේ ගෞරවනීය සැලියුට් එක
00:34
Video thumbnail
දෙපා නොමැතිව මාලනීට සමුදෙන්න ආ පුද්ගලයා බලන්නකෝ
01:04
Video thumbnail
හේමාල් මාලනියට අවසන් ගෞරව දක්වන්න ආ හැටි
00:26
Video thumbnail
මාලනියට සුනිල් හදවතින්ම පුද කළ අවසන් සිපගැනීම
00:23