දරුවාගේ ඔන්ලයින් ක්ලාස් වලින් තාත්තාට පෙම් ලයින් එකක් පෑදිලා

දරුවාගේ ‘ඔන්ලයින්’ පන්තියට සිග්නල් සොයා ගොස් රූමත් විවාහක කාන්තාවක සමඟ අනියම් ඇසුරක් පටන් ගැනීමට අවස්ථාව සලසා ගත් පියකු පිළිබඳ වූ රසවත් පුවතකි මේ.


වර්තාවන්නේ වයඹ පළාතේ එක්තරා ගම්මානයකිනි.


දරුවා නගරයේ පාසලක 5 ශ්‍රේණියේ අධ්‍යාපනය ලබන සිසුවෙකි. පාසල් වසා ඇති නිසා මේ දිනවල ඔහුගේ පන්ති භාර ගුරුතුමිය ඉගැන්වීම් සිදුකරන්නේ ‘ඔන්ලයින්’ හරහාය.


ඒ සඳහා සුදුසු ජංගම දුරකථනයක් දරුවාට මිලදීගෙන දුන්නද නිවසේ සහ ඒ අවට එම පාඩම්වලට අඛණ්ඩව සම්බන්ධවීමට සිග්නල් නොමැතිවීම මව්පියන්ගේත්, දරුවාගේත් සිත් තැවුලට හේතුවිය. මේ නිසා බොහොමයක් දිනවල දරුවාට ගුරුතුමියගේ පාඩම් අතපසු විය.


මීට සති කිහිපයකට පෙර දරුවා මව්පියන්ට දන්වා සිටියේ යාබද ගමක තම පන්තියේ මිතුරෙකු සිටින බවත් ඔහුගේ නිවෙසට හොඳින් සිග්නල් ඇති නිසා ඔන්ලයින් පාඩම්වලට සම්බන්ධවීමට එහි එන ලෙස මිතුරා තමාට දැන්වූ බවත්ය.


මුලින් දරුවාගේ පියා දරුවාගේ මිතුරාගේ නිවෙසට ඔහු රැගෙන යාමට අකමැති වුවද විභාගයට වැඩි කාලයක් නොමැති නිසාත් බිරිඳගේ පෙරැත්ත කිරීම නිසාත් දරුවා එහි රැගෙන යාමට කැමති විය.


මුල් දින කීපයේ ඉතා අමාරුවෙන් දරුවා එම නිවෙසට රැගෙන ගිය සැමියා පසුව ඉතා කැමැත්තෙන් හා සතුටින් පන්ති පැවැත්වෙන දිනවල දරුවා එහි රැගෙන යාම බිරිඳගේ ද සතුටට හේතු විය. දරුවා ද මිතුරාගේ නිවෙසට ගොස් අධ්‍යාපන කටයුතුවල යෙදුණේ ඉතා උනන්දුවෙනි.


පැය තුන හතරක කාලයක් ඔන්ලයින් පාඩම් ඇති දිනවල ඔහු දරුවා එම නිවසට ඇරලවා යළි තම නිවසට පැමිණ පාඩම් ඉවරවන වේලාවට ගොස් දරුවා කැටුව එයි. පැයක එක හමාරක පමණ කාලයක් පාඩම් ඇති දිනවල ඔහු පාඩම් අවසන් වන තෙක් එම නිවසේම රැඳී සිට දරුවා කැටුව එයි.


පසුගිය දිනක දරුවාගේ මවට දුරකථන ඇමතුමක් ලැබුණේ අසල ගමක ජීවත්වන ඔහුගේ සොයුරියගෙනි.


“අක්කේ මම මේ කෝල් එකක් ගත්තේ අයියා ගැන දෙයක් කියන්න. මම දවස් දෙකක්ම දැක්කා අයියා කවුද ලස්සන ගෑනු කෙනෙක් එක්ක ටවුමේ ඉන්නවා. එක දවසක් එළවළු කඩයක් ඉස්සරහා ඉන්නවා දැක්කා. ටිකක් හොයලා බලන්න.”


“නංගි මටත් අයියගේ ලොකු වෙනසක් දවස් කිහිපයක ඉඳලා දැනිලා තියෙනවා. වෙනදා අඳින ඇඳුම් පැලඳුම් ගැන වැඩි සැලකිල්ලක් දකින්නේ නෑ. දැන් ඇඳුම් අඳින්නේ හොඳට අයන් කරලා නීට් එකට. හැමදාම උදේට රැවුල කපන්න අමතක කරන්නේ නෑ. දැන් බුලත්විට කෑමත් නතර කරලා. මේ ළඟදි රුපියල් 1000 දීලා හොඳ සෙන්ට් එකකුත් අරගෙන. අයියා පුතාව එක්කගෙන යනවා පුතාගේ යාළුවකුගෙ ගෙදරට ඔන්ලයින් පන්තිවලට. ඒ යාළුවගේ තාත්තා ඉන්නෙ මැදපෙරදිග රටක.”


සැමියා දරුවා සමඟ පිටත්ව ගොස් පැයකට පමණ පසු ඇය සිය නැගණිය ද සමඟ දරුවාගේ මිතුරාගේ නිවස සොයා ගියේ යතුරුපැදියෙනි.


යතුරුපැදිය නිවසේ ගේට්ටුව ඉදිරිපිට නවතා ඔවුන් දෙදෙනා නිවසට ගියේ පාගමනිනි. නිවස දෙසට ගමන් කරමින් සිටින ඔවුන් දෙදෙනාට දැක ගැනීමට ලැබුණේ නිවස ඉදිරිපිට පුටුවක වාඩි වී කාන්තාවක සිටින අයුරුත් පිරිමියකු කාන්තාවගේ පාදවල තෙල් වර්ගයක් ආලේප කරන අයුරුත්ය.


තෙල් ආලේප කරමින් සිටින්නේ තම ස්වාමිපුරුෂයා බවට හඳුනා ගැනීමට ඇයට වැඩිවෙලාවක් ගත නොවිනි.


“අපි මේ හොරේ අල්ලන්න තමා ආවේ. අද ගෙදර එනවකෝ. අදින් පස්සේ දරුවාට ඔන්ලයින් පන්ති ඕනෑ නෑ. යමුකො ගෙදර හොඳ පාඩමක් උගන්වන්නම්.”


ඇය දරුවා ද කැටුව නැගණිය සමඟ එම ස්ථානයෙන් පිටත්ව ගියේ මහගෙදරට යන බව පවසමිනි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09