දත්ත මැකුවේ කවුද? රාජ්‍ය ඇමතිගෙන් තවත් හෙළිදරව්වක්

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ පරිගණක දත්ත ගබඩාවේ දත්ත මකාදමා ඇත්තේ පසුගිය රජය සමයේ සිදුවූ ඖෂධ වංචාවන්වලට අදාළව පරීක්ෂණ සිදුවන දත්ත රැසක් බව විෂය භාර රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.

මෙරට ඖෂධ , වෛද්‍ය උපකරණ , ඔසුසැල් හා ඒවාට අදාළ බලපත්‍ර නිකුත්කිරීමේ කටයුතු නියාමනය සිදුකරන ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ඩිජිටල් දත්ත පද්ධතියේ ඖෂධ හා වෛද්‍ය උපකරණ ලියාපදිංචිය සඳහා සමාගම් විසින් ඉදිරිපත් කළ ලිපිගොනු 5623ක්  මැකි ගොස් ඇතැයි ඉකුත් ජුලි මසදී මුල්වරට අනාවරණය විය.

මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වු රාජ්‍ය අමාත්‍යවරයා,

“මැකිලා ගිය කොටසේ තියෙන්නේ, මැකෙන්න කලින් වසරක පමණ කාලයක නව ඖෂධ ලියාපදිංචියට අදාළව ඒ ඒ සමාගම ඉදිරිපත් කරපු ලිපි ගොනුව තියෙන්නේ.”

ප්‍රශ්නය – අත්වැරදීමකින් මැකී යන්න පුළුවන් ද?

“මගේ පුද්ගලික අදහස වුණේ මේක අත්වැරදීමකින් වෙන්න පුළුවන් දෙයක් නෙමෙයි. මොකද බැලූ බැල්මට ම මේක තේරෙනවා මේ වගේ ලොකු දත්ත ගබඩාවක් එකවර මකන්න පුළුවන් කමක් තියෙන එකක් නෙමෙයි. ඊට යම් ක්‍රියාදාමයක් අනුගමනය කරා. දැනට කරපු පරීක්ෂණවලින් අපිට දැනගන්න ලැබිලා තියෙනවා මේක හිතාමතා කරපු ක්‍රියාවක් කියලා. ඒ වගේම නීතිපති දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් දැනුම් දීලා තියෙනවා ඖෂධ මාෆියාව මේ පිටුපස සීටිමට හැකි බව.”

ප්‍රශ්නය – විපක්ෂයෙන් ආණ්ඩුවට ප්‍රබල චෝදනවාවක් එල්ල වෙනවා ආණ්ඩුවේ ගජ මිතුරන් රැක ගැනීමට තමයි දත්ත මැකීම සිදුකළේ කියලා. 

“පන්සලේ හයියෙන්ම සාදු කියන්නේ, වැඩියෙන්ම පව් කරන කෙනා. පසුගිය 2018 – 2019 කාලයේ දී සිදුවු ඖෂධ වංචාවන් ගැන අපි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කළා. අභ්‍යන්තර විගණන පරීක්ෂණයකින් අනාවරණය වුණා රුපියල් බිලිනයකට ආසන්න ඖෂධ කිහිපයක විශේෂයෙන් පිළිකා රෝගයට සම්බන්ධ ඖෂධවල වංචාවක් වෙලා තියෙනවා. ඒත් එක්කම එවකට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පත්කළ ජනාධිපති කොමිසන් සභාවෙන් අනාවරණය කරලා තියෙනවා රුපියල් මිලියන 850ක වංචාවක් සිදුව ඇති බවට එක ඖෂධයකට පමණක්. අන්න ඒ ඖෂධවලට අදාළ දත්ත ටික තමයි ඒ ලිපිගොනුවේ තිබුණේ. වෙන මොකක්වත් නෙමෙයි. රුපියල් කෝටි ගණනින් පාඩු වු ඖෂධ කිහිපයක් පිළිබඳ විමර්ශනයක් කෙරෙමින් යන අවස්ථාවක තමයි. මේ කියන දත්ත මැකීම සිදුවුණේ.”

ප්‍රශ්නය –  පද්ධතිය භාර සමාගම පිළිබඳව ඔබේ ස්ථාවරය කුමක් ද?

“ඒ සමාගම තෝරා ගත්තේ ටෙන්ඩර් පටිපාටියට පසුගිය රජය කාලයේ දී. අපි අහලා තියෙනවා සමහර නඩු යනකොට නඩු ගබඩාව ගිනි තියෙනවා කියලා. එහෙම දෙයක් දෙයක් තමයි වෙලා තියෙන්නේ. ඒ නිසා හොඳට විමර්ශනය කරන්නම ඕනේ.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හොරකම් කරපු මුදල් වෙන රටවලට ගියාද ?නිරුක්ෂගෙන් ප්‍රබල හෙළිදරව්වක්
12:40
Video thumbnail
වැලිගම දින 90 සුපිරි වැඩසටහන - ටොෆි කොලයක් පාරට දාන්නේ නැති සමාජයක් හදනවා
04:54
Video thumbnail
වසර 12ක් විභාග වූ ප්‍රසිද්ධ ගායන ශිල්පී චිලීගේ නඩුව අවසන් කරයි
01:12
Video thumbnail
යතුරුපැදියක් මෝටර් රථයක වැදී යතුරුපැදිකරුට බරපතළ තුවාල
01:30
Video thumbnail
අනවසර ගොඩනැගිල්ලක් කඩා ඉවත් කිරීමේදී උණුසුම් තත්ත්වයක්
01:29
Video thumbnail
අනවසරයෙන් මසුන් ඇල්ලූ ඉන්දීය ධීවර යාත්‍රාවක් නාවික හමුදා භාරයට
00:14
Video thumbnail
මෙරට මුහුදු සීමාවේ මසුන් ඇල්ලූ ඉන්දීය ධීවරයින් 9දෙනෙක් නාවික හමුදා භාරයට
00:38
Video thumbnail
ත්‍රිකුණාමලය නාවික හමුදාව, ගුවන් හමුදාව හදිසියේම කළ මෙහෙයුම - දැක්කමත් පුදුමයිනේ ?
01:18
Video thumbnail
අනවසර ඉදිකිරීම් කඩා ඉවත් කිරීමේදී උණුසුම් තත්ත්වයක් - කාල#න්නි ධීවර ඇමතියා - අපි ඉපදුණු ගෙවල් අම්මේ
03:34
Video thumbnail
උතුරු,නැගෙනහිර වෙරළ තීරය ආරක්ෂා කරන්න උපරිම ක්‍රියාමාර්ග - ජනපති ප්‍රධානත්වයෙන් පැවැත්වූ සාකච්ඡාව
01:59