දකුණේ අපරාධ මැඩලන්න විශේෂ අපරාධ කොට්ඨාසයක් මාතර ස්ථාපිත කෙරේ (ඡායාරූප)

දකුණු පළාතේ සිදුවන පාතාලය, මත්ද්‍රව්‍ය ජාවාරම් ඇතුළු විවිධ නීති විරෝධී ක්‍රියාවන් මැඩලීමේ අරමුණින් විශේෂ අපරාධ කොට්ඨාස දෙකක් ස්ථාපිත කිරීමට පොලිසිය පියවර ගෙන තිබෙනවා.

ඒ, අනුව ගාල්ල – අම්බලන්ගොඩ ප්‍රදේශයේ සහ මාතර- වැලිගම, මිරිස්ස යන ප්‍රදේශවල මෙම අපරාධ කොට්ඨාස දෙක පිහිටුවීමටයි කටයුතු කර ඇත්තේ.

ඉන් පළමුවැන්න අද (14) මාතර- වැලිගම, මිරිස්ස ප්‍රදේශයේ දී විවෘත කෙරුනේ දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණගේ ප්‍රධානත්වයෙන්.

දකුණු පළාත තුළ සිදුවන නීති විරෝධී ක්‍රියාවන් සම්බන්ධයෙන් කඩිනමින් විමර්ශනය කර අදාළ වැටලීම සිදුකිරීම මෙම අපරාධ කොට්ඨාසය මඟින් සිදුකරනු ලබනවා.

WhatsApp Image 2022 10 14 at 10.46.12 AM
WhatsApp Image 2022 10 14 at 10.46.11 AM 1
WhatsApp Image 2022 10 14 at 10.46.11 AM
WhatsApp Image 2022 10 14 at 10.46.10 AM 1
WhatsApp Image 2022 10 14 at 10.46.10 AM
WhatsApp Image 2022 10 14 at 10.46.09 AM
WhatsApp Image 2022 10 14 at 10.46.08 AM
https://youtu.be/H-pGN7uD-ys