දකුණු චීන මුහුදේ දැවැන්ත යුද අභ්‍යාසයක්

දකුණු චීන මුහුදේ ඉහළ යන ආතතීන් මධ්‍යයේ පිලිපීනය සහ ඕස්ට්‍රේලියාව දැවැන්ත යුද අභ්‍යාසයක් ආරම්භ කර තිබෙනවා.

අගෝස්තු 15 වැනිදා ආරම්භ වූ යුද අභ්‍යාසය අගෝස්තු 29 වැනිදා දක්වා පැවැත්වෙන බව පිලිපීන හමුදාව නිවේදනය කළා.

පිලිපීන සහ ඕස්ට්‍රේලියානු හමුදා සාමාජිකයන් 3600ක් සහභාගී වන යුද අභ්‍යාසයට ඊට අමතරව කැනේඩියානු රාජකීය නාවික හමුදාව සහ ඇමෙරිකාවේ මැරීන් බලකාය ද එක්වන බව සඳහන්.

2023 දී පළමුවරට පැවැත්වුණු ද්විපාර්ශ්වික ආරක්ෂක අභ්‍යාසයේ වඩාත්ම පුළුල් හා සංකීර්ණ පුනරාවර්තනයේ ආරම්භය මෙවර සනිටුහන් කරන බව පිලිපීන හමුදාව නිකුත් කළ නිවේදනයේ දැක්වුණා.

දකුණු චීන මුහුදේ විශාල ප්‍රදේශයක බීජිං හි ආක්‍රමණශීලීත්වයට සහ ස්වෛරීභාවය පිළිබඳ ප්‍රකාශයන්ට එරෙහිව කටයුතු කිරීම සඳහා පිලිපීනය මෑත කාලීනව කලාපීය රටවල් සමඟ ඉහළ සහයෝගීතාවකින් කටයුතු කරමින් සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුවේ අයගේ අතීතය මතක් කරලා චානක කිව්ව දේ..මුදල් අරබුදයක් නෑනේ..බඩු මල්ල දුන්නනම් හොඳයි
03:29
Video thumbnail
ඉන්ධන පිරවුම් හල් අසල ඊයේ රාත්‍රියේත් දිගු ඉන්ධන පෝළිම්
00:29
Video thumbnail
වැල්ලවායේ ඉන්ධන පිරවුම් හල් අසල ඊයේ රාත්‍රියේත් දිගු ඉන්ධන පෝළිම්
00:52
Video thumbnail
රනිල් ආයේ දේශපාලනයට එන්නේ නැද්ද ?..මගේ මුළු ශක්තියම දාලා සජබ - එජාපය එකතු කරනවා
06:07
Video thumbnail
හිටපු ජනාධිපති රනිල්ගේ උපන්දිනයට සමගාමීව තිබූ පිංකමට රවි, රෝසි, තලතා ඇතුළු ප්‍රබලයින් රැසක්ම එයි
08:25
Video thumbnail
කවුද ප්‍රශ්නෙ හැදුවේ මහින්දද, නාමල්ද ?බස් ගාස්තු නිසා අසේලට නහුතෙටම තදවෙයි
02:53
Video thumbnail
ඉරාන මිසයිල ගැන ඇස් උඩයන කතාවක්
01:26
Video thumbnail
අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය විනාශ කිරීමේ කාලය අඩු කිරීමට ජනපති අනුර සමඟ සාකච්ඡාවක්
00:57
Video thumbnail
සජිත් ප්‍රතිඥා දීලම ආණ්ඩුවට දැම්ම සැර සත්තම..ටෙලිකොම් එකේ ඉතුරු ටික මතකද ? ලිට්‍රෝ එක මතකද ?
08:52
Video thumbnail
අපිට තියෙන එකම විකල්පය සජිත් රටේ ජනාධිපති කරන එක..රාජ්‍ය සේවය වෙනුවෙන් වැඩියෙන්ම වැඩ කළේ අපි
02:39