දකුණු කොරියාවේ ජල ගැලීම්වලින් 20ක් ජිවිතක්ෂයට

දකුණු කොරියාවේ ගංවතුර හේතුවෙන් පුද්ගලයින් 20 දෙනෙකු මියගොස් ඇති අතර දහස් ගණනක ජනතාවකට තම නිවෙස්වලින් ඉවත් වීමට සිදුවී තිබෙනවා.

අඛණ්ඩව තුන්වන දිනටත් ඇදහැලෙන ධාරානිපාත වර්ෂාව හමුවේ රට පුරා නායයෑම්, විදුලිය විසන්ධිවීම් සහ යටිතල පහසුකම්වලට හානි සිදුවී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

සෙනසුරාදා අලුයම, Chungcheong පළාතේ දැවැන්ත ජලාශයක් ද පිටාර ගලමින් ඇති බව සඳහන්.

පිටාර ගැලීම ආරම්භයෙන් පසු පදිංචිකරුවන් 6,400ක් පමණ ඉවත් කර ඇති අතර වේල්ල ආශ්‍රිත පහත් බිම් රැසක් මෙන්ම ඒවා සම්බන්ධ කරන මාර්ග රැසක්ද ජලයෙන් යටවී තිබෙනවා.

එමෙන්ම ඇතැම් ප්‍රදේශවාසීන් නිවෙස් තුළ සිරවී සිටින බව ද පැවසෙනවා.

ගලවා ගැනීමේ මෙහෙයුම් සඳහා සහය වන ලෙසටයි දකුණු කොරියා අගමැති හැන් ඩක්-සූ හමුදාවෙන් ඉල්ලා ඇත්තේ.

මේ වන විට පුද්ගලයින් 10 දෙනෙකු අතුරුදන්ව සිටින අතර කිහිප දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වන දකුණු කොරියා පුවත් සේවා වාර්තා කර තිබෙනවා.

විවිධ පළාත් ආයතන විසින් නිකුත් කරන ලද අවදානම් නියෝග හේතුවෙන් දහස් ගණනක් ජනතාව පීඩාවට පත්ව සිටින බව ද වාර්තා වනවා.

රටේ ජාතික දුම්රිය සේවය වන කෝරයිල් විසින් සියලුම මන්දගාමී දුම්රිය සහ ඇතැම් බුලට් දුම්රිය අත්හිටුවන බව නිවේදනය කර ඇති අතර අනෙකුත් බුලට් දුම්රිය සේවා ද අඩාල වන බවටයි වාර්තා වන්නේ.

සිකුරාදා නායයාමකින් පස් සහ වැලි දුම්රිය මාර්ගයට වැටීම හමුවේ උතුරු Chungcheong හිදී දුම්රියක් ද පීලි පැනීමට ලක්ව තිබුණා.

සිද්ධියෙන් එක් ඉංජිනේරුවෙකු තුවාල ලබා ඇති අතර එම අවස්ථාවේ දුම්රියේ මගීන් ප්‍රවාහනය කර තිබුණේ නැහැ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14