දකුණු අප්‍රිකාවෙන් ප්‍රවේගකාරී පිතිහරඹයක් – බංගලීන්ට ලකුණු 383ක ඉලක්කයක්

බංග්ලාදේශයට එරෙහි ව ඉන්දියාවේ වන්කඩේ ක්‍රීඩාංගණයේ දී පැවති තරගයේ දී දැවැන්ත ලකුණු ක ලකුණු පුවරුවක් දකුණු අප්‍රිකාව විසින් නිර්මාණය කරනු ලැබුවා.

තරගයේ කාසියේ වාසිය දිනා දකුණු අප්‍රිකාව තීරණය කළේ පළමු ව පන්දුවට පහරදීමටයි.

එම තීරණය සාධාරණීකරණය කරමින් පිටියට ආ දකුණු අප්‍රිකාවේ ආරම්භක පිතිකරුවන් විසින් සිය ලකුණු පුවරුව ක්‍රමයෙන් ගොඩනැගීමට සමත් වුණා.

එහෙත් Reeza Hendricks ලකුණු 12කටත්, Rassie van der Dussen එක් ලකුණකටත් දැවී යද්දී දකුණු අප්‍රිකානු ඉනිම ලියැවී තිබුණේ ලකුණු 33කට කඩුලු 02ක් ලෙසයි.

එහෙත් සටන ලෙහෙසියෙන් අතහැරීමට හෝ බංගලී පන්දු යවන්නන් ඉදිරියේ පිත්ත අකුළා ගැනීමට අකමැති වූ ආරම්භක පිතිකරු ක්වයින්ටන් ඩී.කොක් යළි යළිත් තමන්ගේ පිතිකරණයෙහි ඇති ප්‍රවේගකාරීත්වය ලෝකයා හමුවේ ප්‍රදර්ශනය කිරීමට සමත් වුණා.

කොක් දැවී යනවිට පන්දු 140කට දැවැන්ත හයේ පහර 07ක් සහ හතරේ පහර 15ක් සමගින් ලකුණු 174ක් ලබා සිටියා.

කණ්ඩායමේ ඉහළ ම ලකුණු සබඳතාව බිඳී ගියේ කොක් සිව්වැනි කඩුල්ල ලෙසට දැවී යාමෙන්.

එතෙක් කොක් සහ ක්ලාසන් අතර පන්දු 87කට ලකුණු 142ක සබඳතාවක් ගොඩනැගී තිබුණා.

නායක මාක්‍රම් ලකුණු 60ක් ලබාගත්තා.

ක්ලාසන් පන්දු 49කට වේගවත් ලකුණු 90ක් රැස් කළා.

ඩේවිඩ් මිලර් නොදැවී පන්දු 15කට ලකුණු 34යි.

කඩුලු බිඳ හෙලීමේ දී බංග්ලාදේශය වෙනුවෙන් Hasan Mahmud කඩුලු 02ක් ද, Mehidy Hasan Miraz, Shoriful Islam සහ Shakib Al Hasan එක් ව කඩුල්ල බැගින් දවා ගත්තා.

ඒ අනුව තරගය බංග්ලාදේශයට ජය ගැනීමට නම් පන්දු 300කට ලකුණු 383ක් ලබාගත යුතු වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජාවාරම්කරුවෙක් පොලිසියත් එක්කද මේ බරටම ඩීල් දාන්නේ..?"උදේනිට හයි කෝ⁣ට් එකක් දාලා දෙන්න"
05:06
Video thumbnail
ලසිත් මාලිංග ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන කිව්ව කතාව.."මට හිතුනා අපිට යම් තැනක් මිස් වුණාද කියලා"
04:33
Video thumbnail
විපක්ෂයේ එදා අනතුරු ඇගවීම අද ඇත්තක් වෙලා..තෙල් සමාගම් 3ක් තෙල් ලබාදීම සීමා කරලා තියෙන්නේ
03:05
Video thumbnail
"වැඩමවා වදාළ වනචාරී මහා සංඝරත්නයෙන් අවසරයි"මිහින්තලේ හිමි බණ කියන්න අවසර ගත් හැටි
02:46
Video thumbnail
හතරවටින්ම වේගපන්දු ක්‍රීඩකයන් සොයන මාලිංග..සනත්, ධම්මික ඇතුළු ප්‍රබලයින් සෙට් එකක්ම ඇවිත්
03:21
Video thumbnail
කරවනැල්ල නගරයේ ආයතනයක හදිසියේම ඇතිවූ මහ ගින්න..මෙන්න එහි නවතම දර්ශන
01:05
Video thumbnail
ඉන්ධන රස දන්නේ JVP කාරයෝ තමයි..ඉන්ධන ඉවරවෙන්න අපි කෑවද ඉන්ධන l Asela Sampath
01:24
Video thumbnail
ඉන්ධන සමාගමක් ඩීසල් ලබාදීම සම්පූර්ණයෙන් නතර කරලා ?පොරක් කියලා හිතපු කාංචනගේ කෙරුවාව හෙළිවෙයි
10:53
Video thumbnail
Kasthirama | “ ගෝලීය අර්බුද පෙනෙන මානයක - රටේ දේශපාලනය “තේමාව යටතේ කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:19:06
Video thumbnail
මේ අවස්ථාවට විතරක් පරණ ක්‍රමයට පළාත් පාලන ඡන්දය කරන්න බැරි ඇයි ?..මේක සිල්ලර දෙයක් නෙවෙයි..
06:40