spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

දකුණු අප්‍රිකාවට එරෙහි ව පාකිස්තානය අද පිටියට

මෙවර එක්දින ක්‍රිකට් ලෝක කුසලානය යටතේ පැවැත්වෙන 26 වැනි තරගය අද පැවැත්වීමට නියමිත ව තිබෙනවා.

ඒ දකුණු අප්‍රිකාව සහ පාකිස්ථාන කණ්ඩායම අතර යි.

අද තරගය චෙන්නායි ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිත ව ඇත්තේ මෙරට වේලාවෙන් පස්වරු 02ටයි.

අද තරගයට දකුණු අප්‍රිකාව වෙනුවෙන් එක්දින නායක ලෙස කටයුතු කළ ආරම්භක පිතිකරු ටෙම්බා බවුමා ද එක් කර තිබෙනවා.

මීට අමතර ව පාකිස්ථානය වෙනුවෙන් ෆකර් සමන් ද එක්වනු ඇති බවයි වාර්තා වන්නේ.

මේ වනවිට ක්‍රීඩා කළ තරග 05න් 04ක ම තරග ජයග්‍රහණ ලබා ගනිමින් ප්‍රසාද ලකුණු සටහනේ දකුණු අප්‍රිකාව දෙවැනි ස්ථානයේ පසුවනවා.

පාකිස්ථාන කණ්ඩායම පැවති තරග 05න් දෙකක් පමණක් ජයගෙන පසුවන්නේ ප්‍රසාද ලකුණු පුවරුවේ 06 වැනි ස්ථානයේ යි.

එබැවින් අද තරගය ජයග්‍රහණය අවසන් පූර්ව වටය දක්වා සුදුසුකම් ලැබීමේ තරග මාවතේ දෙපිළට ම වැදගත් වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
2
+1
1
+1
1
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?