දකුණු අප්‍රිකානු මහ කොමසාරිස්වරයා සහ කතානායක ජගත් වික්‍රමරත්න හමුවෙයි

ශ්‍රී ලංකාවේ දකුණු අප්‍රිකානු මහ කොමසාරිස් ගරු සැන්ඩිල් එඩ්වින් ෂාල්ක් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න හමුවුණා.

පසුගියදා පැවති මෙම හමුවට පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණධීර ද සහභාගීව සිටියා.

ශ්‍රී ලංකාව දකුණු අප්‍රිකාව සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා 1994 දී ආරම්භ කළ බවත්, වෙළඳ, සංචාරක මෙන්ම පුරවැසි සබඳතා යන ක්ෂේත්‍රවල ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමේ වැදගත්කම සාකච්ඡාව අතරතුරදී කතානායකවරයා අවධාරණය කර සිටියා.

එමෙන්ම දකුණු අප්‍රිකාවේ සංහිඳියා යාන්ත්‍රණය සාමයේ වැදගත්කම පිළිබඳව ලෝකයට ප්‍රමුඛ පණිවිඩයක් ලබාදෙන බව සඳහන් කළ කතානායකවරයා ශ්‍රී ලංකාවට අඛණ්ඩව සහයෝගය දැක්වීම පිළිබඳව දකුණු අප්‍රිකානු රජයට කෘතඥතාවද පළ කළේය.කළා.

දකුණු අප්‍රිකානු රජයේ අඛණ්ඩ ප්‍රතිසංස්කරණ හා සංවර්ධන ප්‍රයත්නයන් පිළිබඳව මහ කොමසාරිස්වරයා මෙහිදී පැහැදිලි කළ අතර, එමඟින් සංහිඳියා යාන්ත්‍රණයන් ඉදිරියට ගෙන යන අතරම ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමද අරමුණු කොට ඇති බවද පැවසුවා.

දෙරට අතර පාර්ලිමේන්තු සහ ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකානු පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය නැවත ස්ථාපනය කිරීමේ වැදගත්කම ද මහ කොමසාරිස්වරයා මෙහිදී අවධාරණය කළා.

තවද, දකුණු අප්‍රිකානු මහ කොමසාරිස්වරයා සහ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායකවරයා අතර පැවති සුහද සාකච්ඡාවේ දී අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් කරුණු කිහිපයක් කෙරෙහි ද අවධානය යොමු වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රනිල් ආයේ දේශපාලනයට එන්නේ නැද්ද ?..මගේ මුළු ශක්තියම දාලා සජබ - එජාපය එකතු කරනවා
06:07
Video thumbnail
හිටපු ජනාධිපති රනිල්ගේ උපන්දිනයට සමගාමීව තිබූ පිංකමට රවි, රෝසි, තලතා ඇතුළු ප්‍රබලයින් රැසක්ම එයි
08:25
Video thumbnail
කවුද ප්‍රශ්නෙ හැදුවේ මහින්දද, නාමල්ද ?බස් ගාස්තු නිසා අසේලට නහුතෙටම තදවෙයි
02:53
Video thumbnail
ඉරාන මිසයිල ගැන ඇස් උඩයන කතාවක්
01:26
Video thumbnail
අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය විනාශ කිරීමේ කාලය අඩු කිරීමට ජනපති අනුර සමඟ සාකච්ඡාවක්
00:57
Video thumbnail
සජිත් ප්‍රතිඥා දීලම ආණ්ඩුවට දැම්ම සැර සත්තම..ටෙලිකොම් එකේ ඉතුරු ටික මතකද ? ලිට්‍රෝ එක මතකද ?
08:52
Video thumbnail
අපිට තියෙන එකම විකල්පය සජිත් රටේ ජනාධිපති කරන එක..රාජ්‍ය සේවය වෙනුවෙන් වැඩියෙන්ම වැඩ කළේ අපි
02:39
Video thumbnail
ඉරාන මිසයිල ඉලක්ක බටහිරට හැරෙයි ද ?අමෙරිකාවේ සාකච්ඡා කුණු කූඩයට දමා යළි ඇවිලෙන හැටි..
09:04
Video thumbnail
දිවයින පුරා බොහෝ ප්‍රදේශවලට දැඩි උණුසුම් කාලගුණික තත්ත්වයක්..හැකි තරම් දියර ද්‍රව්‍ය පානය කරන්න
04:26
Video thumbnail
නැගෙනහිර පළාත ඇතුළු දිවයිනේ බොහෝ ප්‍රදේශවල ඉන්ධන නැහැ..ආණ්ඩුවට කශේරුකාවක් නැද්ද ?
06:28