දකුණම භීතියෙන් කැළඹුණු. තරුණ බිරිඳගේ ඝාතනය

මාතර මාලිම්බඩ උතුර ප්‍රදේශයේ පුද්ගලයෙකු  අද  (10) අලුයම තම බිරිදට තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර නැන්දම්මාට ද පොල්ලකින් පහර දී තුවාල සිදු කර ඇතැයි මාලිම්බඩ පොලීසිය පවසයි.

එසේ මරුමුවට පත්ව ඇත්තේ ගීතානි කලුආරච්චී (33) නැමැති එක් දරු මවකි.ඇය ඇගලුම් සේවිකාවක ලෙස රැකියාව කර තිබෙන බව කියයි .

මෙම අපරාධයෙන් පසු යුද  හමුදාවෙන් පලා ආ සෙබලෙකු බව කියන ඇගේ සැමියා තම අවුරුදු දෙක හමාරක් වයසැති දරුවාද රැගෙන එම ප්‍රදේශයෙන් පලා ගොස් තිබු අතර පසුව ඔහු මොරවක පොලීසිය වෙත පැමිණ බාර වී තිබුණි.

පවුල් ආරවුලක් මෙම සිද්ධියට හේතු වී තිබෙන බව පොලීසිය සදහන් කරයි.

හිසට තුවාල සිදුව ඇති 54 හැවිරිදි නැන්දම්මා වෛද්‍ය ප්‍රතිකාර සදහා මාතර මහ රෝහල වෙත ඇතුලත් කර සිටී.ඝාතනයට ලක්වු කාන්තාවගේ මහේස්ත්‍රාත් පරීක්ෂණය හා පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිතව තිබුණි.

සැක පිට අත් අඩංගුවට ගත් සැකකාර සැමියා අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත. මාලිම්බඩ පොලීසියේ ස්ථානාධිපති ජේ.සී.අලවත්ත මහතා ඇතුළු කණ්ඩායමක් මේ පිළිබඳව වැඩි දුර පරීක්ෂණ මෙහෙයවති.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සුරේෂ් සලේගේ දැන් තත්ත්වය නලින්ද හෙළිකරයි - ප්‍රශ්නයක් නෑ - හොඳට කනවා බොනවා
01:40
Video thumbnail
ගුවන්යානා මිලදී ගද්දි කොමිස් මුදල අනිවාර්යයිද ? අංගුලිමාලට සමාව දුන්නා වගේ සමාව දෙන්න පුළුවන්ද ?
01:36
Video thumbnail
අර්චුනාට වසර 20ට වැඩි සිර දඬුවම්..?
11:48
Video thumbnail
ජනපති කිව්ව "කොත්තමල්ලි"කතාව ගැන නලින්ද හෙළිකරයි - දේශීය වෙදකමට මුල් තැනද දුන්නේ ?
06:17
Video thumbnail
දැඩි විවේචන මැද 22ක සම්මත කරනවද ? ශ්‍රේෂ්ඨාධිකරණය විශ්වාස නිසානේ පෙත්සම් දුන්නේ
02:03
Video thumbnail
අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව උණුසුම් කළ ප්‍රශ්නය
09:19
Video thumbnail
රුමේෂ්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් රජය මැදිහත් වෙන්න සැරසෙයි - අපේ රටට ලොකු සම්පතක්
01:26
Video thumbnail
ඖෂධ හිඟය ගැන ඇමති නලින්ද පිළිතුරු දෙයි - ඔබ දැන් කියන්න කොහෙද ප්‍රශ්නය තියෙන්නේ කියලා ?
04:12
Video thumbnail
අධිකරණය දුන් රහසිගත තීන්දුව ජනාධිපතිවරයා දන්නේ කොහොමද..?
07:08
Video thumbnail
මේ ආණ්ඩුවට වඩා හොඳ කට්ටියක් සජබයේ ඉන්නවා
01:27