spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

තෙල් වෘත්තීය සමිති විරෝධයට ඇමති කංචනගෙන් උත්තර

ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ යෝජිත ප්‍රතිව්‍යුහගත සැලැසුම්වලට තෙල් සංස්ථාවේ වෘත්තීය සමිති විරෝධය පළකර ඇති බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

සිය නිල ට්විටර් ගිණුමට සටහනක් එක්කරමින් ඔහු මේ බව සඳහන් කර තිබෙනවා.

අදාල සැලසුම් සම්බන්ධයෙන් එම වෘත්තීය සමිති මීට පෙර දැනුවත් කර ඇති බවයි අමාත්‍යවරයා පළකළ ට්විටර් සටහනේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

විරෝධයන් පළකිරීමේ අයිතියට අභියෝග නොකරන බව සඳහන් කරන අමාත්‍යවරයා ඛනිජ තෙල් සහ විදුලිබල යන ක්ෂේත්‍ර දෙකම ප්‍රතිව්‍යුහගත කළ යුතු බවයි පෙන්වා දෙන්නේ.

ඊට අවශ්‍ය කටයුතු අඛණ්ඩව සිදුකරමින් පවතින බවයි ඔහු සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
34
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?