ඊයේ (21) සිදුකළ ඉන්ධන මිල ඉහළ දැමීම තුළ ඩීසල් ලීටරයකට රුපියල් 100ක් සහ පෙට්‍රල් ලීටරයක් සඳහා රුපියල් 20ක් රජය විසින් දරාගෙන ඇති බව අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසනවා.
ඉන්ධන මිල ඉහළ යෑම සම්බන්ධයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ මේ වනවිට පැවැත්වෙන ප්‍රවෘත්ති සාකච්ඡාවක දී අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.
ඒ, වෙනුවෙන් මාසයකට රුපියල් බිලියන 20ක පිරිවැයක් දැරීමට රජයට සිදුවන බවයි අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසුවේ.
මේ අතර නීත්‍යනුකුල වාහන හිමියන්ට සිය QR කේතය ලබාගැනීමට නොහැකි වන ලෙස නීතිවිරෝධී ආකාරයට එම QR කේත ලබාගෙන අවභාවිත කළ ජංගම දුරකථන අංක 153ක් හඳුනාගෙන ඇති බවයි අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළේ.
මෙහිදී අමාත්‍යවරයා සඳහන් කළේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සමඟ සම්බන්ධ වී ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවයි.













