spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

තුන්වන කොවිඩ් රැල්ලක් ගැන PHI සංගමයෙන් අනතුරු ඇඟවීමක්

එළඹෙන උත්සව සමයේදී සංචරණ සීමා පැනවීමට රජය ප්‍රතිපත්තිමය තීරණ නොගතහොත් මැයි මාසය අග සහ ජුනි මාසය වනවිට තුන්වන කොවිඩ් රැල්ලක් රට තුළ ඇතිවීමේ දැඩි අවදානම් තත්වයක් උද්ගතවනු ඇති බවට ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය අනතුරු අඟවනවා.

එසේ වුවහොත් රට දැඩි ව්‍යසනයකට මුහුණ දෙන බවයි මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා ඊයේ හලාවත පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ.

පසුගිය දෙසැම්බර් මාසයේදී පැවති නත්තල් උත්සවයෙන් පසුව රට තුළ කොවිඩ් ව්‍යාප්තිය වැඩිවීමක් දක්නට ලැබූ බවත්, එළඹෙන උත්සව සමයේදී ජනතාව ස්වයං පාලනයකින් තොරව කටයුතු නොකළහොත් මැයි මාසය අග භාගය වන විට කොවිඩ් ව්‍යාප්තියේ ඉහළ යාමක රට තුළ දක්නට ලැබෙනු ඇති බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.

මේ හේතුවෙන් යම් සංචරණ සීමා පැනවීමට සහ නිසි මාර්ගෝපදේශ නිකුත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය වහාම කටයුතු කළ යුතු බවයි ඔහු මෙම මාධ්‍ය හමුවට එක්වෙමින් කියා සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?