තිහගොඩ උප පොලිස් පරීක්ෂක යළි රිමාන්ඩ් – හඳුනාගැනීමේ පෙරට්ටුවේදීත් හඳුනාගෙන

ඉකුත් 29 වන දින මාතර – තිහගොඩදී ප්‍රදේශයේ වෙඩි වැදී ළමයෙකු තුවාල ලැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි උප පොලිස් පරීක්ෂකවරයා අද (04) යළි මාතර මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කරනු ලැබුවා.

එහිදී සැකකාර උප පොලිස් පරීක්ෂකවරයා හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කර ඇති බවයි වාර්තා වුණේ.

එම හඳුනාගැනීමේ පෙරට්ටුවේදී සැකකාර උප පොලිස් පරීක්ෂකවරයා හඳුනා ගැනීමට, සිද්ධිය සිදුවූ අවස්ථාවේ ත්‍රිරෝද රථයේ සිටි ළමුන් පස්දෙනාට හැකිව තිබෙනවා.

ඒ, අනුව සැකකරු ලබන 18 වනදා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි නියෝග කර ඇත්තේ.

https://youtu.be/KF3fYoIN2OY
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
15
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?