තිස්ස ජනනායක ජනතාවගෙන සමාව ගනී

උපකාරක පන්ති ගුරුවරයෙක් වශයෙන් ප්‍රසිද්ධියට පත් තිස්ස ජනනායක වත්මන් රජය බලයට ගෙන ඒමට යම් යම් ආකරයන් වල මැදිහත් වීම් කල අයෙකි.මේ වන විට පවතින අරගලකාරී වාතාවරනය තුලදී බොහෝ දෙනා විසින් තිස්ස ජනනායක වැනි අයටත් දොස් තබනු සමාජ මාධ්‍යයන්හී පලවුණා.

කෙසේ නමුත් අද තිස්ස ජනනායක විසින් ෆේස්බුක් සටහනක් තබා තමා අතින් වරදක් වූ බවත් එයට සමාවත් ජනතාවගෙන් ඉල්ලා සිටියා.

ඔහු තැබූ සටහන පහතින්,

මේ අවස්ථාවේ මම මගේ රටේ සියලුම මහජනතාවගෙන් සමාව අයදිමි. මන්ද මා ද මේ අභාග්‍යසම්පන්න පාලනයට රැවටීමෙන් එයට සහය දුන් බැවිනි. මින් පසු කිසිම දේශපාලන පක්ෂයකට හෝ පුද්ගලයෙකුට පාක්ශික නොවී නිර්පාක්ශිකව, නිර්දේශපාලණිකව ජනතාව පැත්තේ සිට ගමි. ඒ අවස්ථාවේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති කිරීම සඳහා සහයෝගය දැක්වූයේ, එවකට ලංකාවේ පැවති වාතාවරණය යටතේ මා මෙන්ම බොහෝ දෙනා සාපේක්ෂව ඔහු එම තනතුරට ගැලපෙන බව විශ්වාස කල හෙයිනි.

නමුත් එය එසේ නොවන බව අප සියලු දෙනාටම පසක්වී හමාරය. බොහෝ තරුණ තරුණියන් බිත්ති පුරා චිත්‍ර ඇන්දේද එබැවිනි . නමුත් මගේ මව් බිමට මෙහෙම කෙලවේ යැයි මා මෙන්ම ඒ කිසිවෙකු සිතුවේ නැත. මහ මැතිවරණයේ දී නාම යෝජනා ලබා දුන් දවසේම මා ෆේස්බුක් සටහනක් තැබුවේ පරන හොරුන් හටම නැවත නාම යෝජනා ලබාදීම පිලිබදව විරෝධය පල කරමිනි. දැන් තවත් නාටකයක් දැකිය හැක.

එනම් කැබිනෙට්ටුව වෙනස් කිරීම ලෙස පරන අසාර්ථක චරිතම ලේබලය මාරු කරමින් පත්කරමින් සිටී. මෙසේ ජනතාවට විහිලු සැපයීම දැන්වත් නතර කර ජනතාවගේ සැබෑ හඩට දේශපාලකයන් සවන්දිය යුතුමය.
“පෝලිම් කොහෙද තියෙන්නෙ ?”,
“අපිට හූ කිව්වොත් අපිත් නිකන් ඉන්නේ නැහැ” වැනි උද්දච්ච ප්‍රකාශ නිකුත්කරන මැති ඇමතිවරුන් ඉවත් කර දැමීම වෙනුවට ඔවුන්ගේ ලේබල් මාරු කිරීම තවත් මහජනතාව කුපිත වන හේතුවකි. මේ රටේ අනන්තවත් දුර දක්නා නුවණැති, අවංක, රටට ආදරය කරන, දක්ෂ , ජාත්‍යන්තර සම්බන්ධතා පිලිබඳ අත්දැකීම් ඇති දියුණු රටවල උපදේශකයන් පවා වී සිටි මහාර්ඝ මිනිසුන් සිටී.
ඔවුන්ට අවස්තාව දී ඔවුන්ගෙන් වැඩ ගෙන මේ අර්බුදයට සැබෑ විසඳුමක් සකස් කරන තෙක් ජනතාව රැවටිය නොහැක.
අරගලයට ජය!-
තිස්ස ජනනායක –
2022-04-04

image 13


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අවු:16ට වැඩි හැමෝගෙම පෞද්ගලික තොරතුරු ඉන්දියාවට ගන්න පුළුවන් - ප්‍රබල හෙළිදරව්වක්
06:32
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් අධිකරණ අමාත්‍යාංශයට අදාළව 2027 පූර්ව අයවැය සාකච්ඡාව
01:22
Video thumbnail
බුදු අම්මෝ රනිල්ට හීරේට යනකොට තිබ්බ ලෙඩගොඩ - මෙතෙක් හිරගෙවල්වට ගියේ පුංචි මිනිස්සු
05:26
Video thumbnail
ආණ්ඩුව යටින් ලොකු ගේමක් ග#න්න හදන්නේ - අපි මේකට කැමති නෑ
03:05
Video thumbnail
දැන් ගොවියෝ තියෙන මිල ඇති කියනවා..ගොවියොත් එක මතේක නෑනේ
07:41
Video thumbnail
කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට
01:23
Video thumbnail
ගමේ ඉපදිච්ච එවුන්ට ගඟට එන්න අවසර නෑ
01:23
Video thumbnail
පොලිසියට අල්ලස් දෙන්න ගිය තරුණයාට වැඩ වැරදුණු හැටි
00:49
Video thumbnail
උත්තරීතර පාර්ලිමේන්තු ආසනයේ ඉදගෙන නි ඇමති දැම්ම සෙල්ලම
00:33
Video thumbnail
චාමික කරුණාරත්නට එරෙහි නඩුවට අද ලැබුණු තීන්දුව මෙන්න
00:36