තිරුක්කෝවිල් පොලිසියේ නිලධාරින් 03ක් ජිවිතක්ෂයට

අම්පාර තිරුක්කෝවිල් පොලිස් ස්ථානය තුලදී ඊයේ රාත්‍රී සිදුවූ වෙඩි තැබීමකින් පොලිස් නිලධාරීන් තිදෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කලේ එම පොලිසියේම සේවය කරනු ලැබූ සැරයන්වරයෙකු විසින් සිදුකළ වෙඩි තැබීමකින් මෙම සිදුවීම සිදුවී ඇති බවයි.

මියගිය නිලධාරින් තිදෙනාට අමතරව සිදුවීමෙන් තිරුක්කෝවිල් පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා ඇතුළුව තවත් නිලධාරින් දෙදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කොට තිබෙනවා.

මෙම වෙඩි තැබීම සිදුකළ පොලිස් නිලධාරියා ටී 56 වර්ගයේ ගිනි අවි දෙකක් සහපතොරම් ගැබ් 19ක් සමග ගොස් ඇතිමලේ පොලිස් ස්ථානය වෙත ගොස් භාරවී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.