තිබ්බෙ බල්ලට වැදුණෙ මිනිහට

දකුණු කළුතර පොලිස් ස්ථානයේ නිලධාරියෙකු විසින් ජලභීතිකාව වැලඳුන සුනඛයෙකු වෙත එල්ල කළ වෙඩි පහරක් වැරදි ගොස් පුද්ගලයෙකුට තුවාල සිදුව ඇති බව වාර්තා වනවා. සුනඛයා ප්‍රදේශයේ පුද්ගලයින් 10 දෙනෙකු පමණ සපා කා ඇතැයි පොලීසියට පැමිණිලි ලැබී ඇත.

ඊයේ (27) උදෑසන 10.30ට පමණ සිදුව ඇති අතර උප පොලිස් පරීක්ෂකවරයෙක් විසින් සිදුකළ වෙඩි තැබීමෙන් සුනඛයා එම ස්ථානයේ දීම ජීවිතක්ෂයට පත්ව ඇතැයි වාර්තාකරු සඳහන් කරනවා. අනතුරුව ඒ ආසන්නයේ සිටි පුද්ගලයෙකුට ද වෙඩි පහර එල්ල වීමෙන් 60 හැවිරිදි පුද්ගලයෙක් තුවාල ලබා කළුතර දිස්ත්‍රික් රෝහලට ඇතුළත් කර තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?