තැපැල් සංකේත වර්ජනය අදත්

දිවයින පුරා තැපැල් සේවකයින් ආරම්භ කළ සංකේත වැඩ වර්ජනය අද (11) දිනයේත් ක්‍රියාත්මක කෙරෙනවා.

තැපැල් දෙපාර්තමේන්තුවට අයත් ගොඩනැගිලි විදේශීය සමාගම්වලට විකිණීම, වැටුප් වැඩිකිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් තැපැල් සේවකයින් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට ඊයේ (10) පස්වරු 4.00 සිට අවතීරණ වුණා.

මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් තැපැල් සේවයෙන් සේවාවන් ලබාගැනීමට පැමිණි මහජනතාව මහත් අසීරු තාවයකට පත්ව සිටි ආකාරය දැකගත හැකි වුණා.

මෙම සංකේත වැඩවර්ජනය සඳහා තැපැල් සේවකයින් 27,000ක් එක්ව සිටින අතර, හෙට (12) මධ්‍යම රාත්‍රිය තෙක් මෙම වර්ජනය ක්‍රියාත්මකයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?