තායි රාජා නැවත රැගෙන නොයන බව තායිලන්ත තානාපති කියයි

තායිලන්තයෙන් මෙරටට ලබා දී තිබෙන තායි රාජා සහ කණ්ඩුල නම් හස්තීන් නැවත ලබා ගැනීම සම්බන්ධයෙන් තායිලන්ත රජය කිසිදු තීරණයක් ගෙන නොමැති බව තායිලන්තයේ ශ්‍රී ලංකා තානාපති පොජ් හර්න්පෝල් (H.E. Poj Harnpol) මහතා පවසනවා.

එවැනි තොරතුරු සම්බන්ධයෙන් සමාජ මාධ්‍යවල විවිධ පුවත් සංසරණය වුව ද රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් මෙතෙක් එවැනි කිසිදු තීරණයකට එළැඹ නොමැති අතර ඇතැම් සමාජ මාධ්‍ය අසත්‍යය තොරතුරු පළ කරන බවයි තානාපතිවරයා සඳහන් කර ඇත්තේ.

මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ඇත් පන්තියට මීට වසර 37කට පෙර තායිලන්ත රජයෙන් පරිත්‍යාග කළ තායිරාජා ඇතාගේ සුවදුක් විමසීම පිණිස අද මහනුවරට පැමිණි අවස්ථාවේ දී තානාපතිවරයා මේ බව සඳහන් කර තිබෙනවා.

මද කිපීම හේතුවෙන් මහනුවර සුදුහුම්පොළ රජමහා විහාරස්ථාන භූමියේ බැඳ සිටින තායි රාජ ගේ සුවදුක් විමසා බැලීමෙන් පසු ඇතා මනා සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව තහවුරු වූ බවයි තානාපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ.

තායිරාජා හස්තියා නිරීක්ෂණයට පෙර තානාපතිවරයා මාලිගාවට ගොස් දන්ත ධාතූන් වහන්සේ වැඳ පුදා ආශිර්වාද ලබා ගත් අතර විශේෂ අමුත්තන්ගේ මැදිරියේදී ඔහු දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතා සමඟ සාකච්ඡාවක ද නිරත වුණා.

ශ්‍රී ලංකාවේ අලි ඇතුන් රැක බල ගැනිම සඳහා අවශ්‍ය තාක්ෂණික දැනුම තායිලන්තයෙන් ලබාදීමට බලාපොරොත්තුවන බවයි ඔහු සඳහන් කළේ.

ප්‍රතිකාර සඳහා තායිලන්තයට රැගෙන ගිය මුතුරාජා මේ වන විට සුවයෙන් පසුවන බවත් අදාළ තීරණය හේතුවෙන් ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර රාජ්‍ය තාන්ත්‍රික වශයෙන් පවතින සම්බන්ධතාවට කිසිදු ආකාරයකින් බලනොපාන බවත් හෙතෙම අවධාරණය කර තිබෙනවා.

ශ්‍රී ලංකා රජයට හා ජනතාවට මෙන්ම තායිලන්ත රජයට හා ජනතාවට ද අවශ්‍ය වී ඇත්තේ මුතු රාජා හස්තියාට නිසි වෛද්‍ය ප්‍රතිකාර ලබා දී සුවකර ගැනීම බැවින් ඊට අවශ්‍ය සියලු කටයුතු මේ වනවිට සිදුවෙමින් ඇති බව ද ඔහු ප්‍රකාශ කළා.

මෙහි දී අදහස් දැක්වූ දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතා සඳහන් කළේ තායිලන්ත තානාපතිවරයා මෙයට පෙරද ඇතා බැලීමට පැමිණි බවත් මේ වනවිට මද කිපී සිටින ඇතා මනා සෞඛ්‍ය තත්ත්වයෙන් සිටින බවයි.

සමාජ මාධ්‍ය ඔස්සේ රාජ්‍ය නොවන සංවිධාන නියෝජිතයින් අසත්‍ය කරුණු සමාජගත කරමින් සිටින අතර හීලෑ අලි ඇතුන් රැක බලා ගැනීමේ දී යම් යම් සුළු අඩුපාඩු සිදු වුව ද සමස්තයක් ලෙස මෙම සතුන් ඉතා හොඳින් රැක බලා ගන්නා බවයි දියවඩන නිලමේවරයා පෙන්වා දෙන්නේ.

නිවෙස් හා විහාරස්ථාන ආදිය ආශ්‍රිතව හීලෑ අලි අතුන් 100ක් සහ පින්නවල අලි අනාථාගාරයේ හීලෑ අලි ඇතුන් 200ක් සිටින බව පෙන්වා දුන් ඔහු කියාසිටියේ එම සත්වයන් සුරක්ෂිතව පසුවන බවයි.

මුතුරාජා ඇතුගේ සිද්ධිය හේතුවෙන් හීලෑ අලි ඇතුන් භාරකරුවන් මහත් අසීරුතාවට හා සිත් තැවුලට පත්වූ බව ද ප්‍රදීප් නිලංග දෑල මහතා සඳහන් කළා.

බොහෝ පිරිසක් අලි ඇතුන් රැක ගනිමින් ඔවුන්ට සත්කාර කරන අතර තාක්ෂණික වෛද්‍ය උපකරණ හා මෙවලම්වල හිඟතාව සතුන්ට ප්‍රතිකාර කිරීමේ ගැටලුවක් බවට පත්වී ඇති බවයි දියවඩන නිළමේවරයා සඳහන් කළේ.

දළදා මාලිගාවේ අලි ඇතුන්ගේ ප්‍රතිකාර භාරව කටයුතු කරන පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මහාචාර්ය අශෝක දංගොල්ල මහතා ද මේ අවස්ථාවට එක්ව සිටියා.

මෙහිදී අදහස් පළ කළ හීලෑ අලි ඇතුන් හිමියන්ගේ සංගමයේ ලේකම් දම්සිරි කරුණාරත්න මහතා කියා සිටියේ අලි ඇතුන් රැක බලාගන්නන් සඳහා විධිමත් පුහුණුවක් ලබාදීම අත්‍යවශ්‍ය කරුණක් බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මෙරට පාසල් පද්ධතියට චීනයෙන් ඩිජිටල් පන්ති කාමර 500ක් - අගමැති සහ නව චීන තනාපති අතර හමුවක්
01:40
Video thumbnail
කාර්යාල දුම්රිය සියල්ල අද ධාවනය කළා - සවස් කාලයෙ‍ත් අපි හැකි අයුරින් ධාවනය කරනවා
06:15
Video thumbnail
22ට එරෙහිව හැමෝම එකතුවෙනවා
03:40
Video thumbnail
හයිවේ එකෙන් එළියට පැන්න මෝටර් රථය නැවතුණු තැන
00:35
Video thumbnail
පොසොන් පෝයට ජනාධිපති එනවා කියලා අන්තිමේදි ආවේ නෑ - මිහින්තලා හිමිගෙන් වර්තමාන රජයට චෝදනා
09:40
Video thumbnail
කාව හිරේ දැම්මත් ආණ්ඩුව එළවන වැඩේ අපි කරනවා
04:58
Video thumbnail
රතිඤ්ඤා එකක්වත් හරියට පිපිරුන් නැති රටක් මේක, දැන් හැමදාම වෙ# පත්තුවෙනවා
04:16
Video thumbnail
දුම්රිය වර්ජනය ගැන ජනතා අදහස් - බුදුන් අපිව බැලුවද දන්නේ නෑ..
01:06
Video thumbnail
මට්ටක්කුලියේ බිහිසුණු අනතුර සිදුවූ හැටි කැමරාවේ සටන් වූ අයුරු
00:49
Video thumbnail
සජිත් ප්‍රේමදාස 22ක ගැන සැරටම කිව්ව දේ - අධිකරණය විධායකයේ වහලෙක් කිරීමේ කුමන්ත්‍රණය 22වන ව්‍යවස්ථාව
03:59