spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

තායි රාජා නැවත රැගෙන නොයන බව තායිලන්ත තානාපති කියයි

තායිලන්තයෙන් මෙරටට ලබා දී තිබෙන තායි රාජා සහ කණ්ඩුල නම් හස්තීන් නැවත ලබා ගැනීම සම්බන්ධයෙන් තායිලන්ත රජය කිසිදු තීරණයක් ගෙන නොමැති බව තායිලන්තයේ ශ්‍රී ලංකා තානාපති පොජ් හර්න්පෝල් (H.E. Poj Harnpol) මහතා පවසනවා.

එවැනි තොරතුරු සම්බන්ධයෙන් සමාජ මාධ්‍යවල විවිධ පුවත් සංසරණය වුව ද රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් මෙතෙක් එවැනි කිසිදු තීරණයකට එළැඹ නොමැති අතර ඇතැම් සමාජ මාධ්‍ය අසත්‍යය තොරතුරු පළ කරන බවයි තානාපතිවරයා සඳහන් කර ඇත්තේ.

මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ඇත් පන්තියට මීට වසර 37කට පෙර තායිලන්ත රජයෙන් පරිත්‍යාග කළ තායිරාජා ඇතාගේ සුවදුක් විමසීම පිණිස අද මහනුවරට පැමිණි අවස්ථාවේ දී තානාපතිවරයා මේ බව සඳහන් කර තිබෙනවා.

මද කිපීම හේතුවෙන් මහනුවර සුදුහුම්පොළ රජමහා විහාරස්ථාන භූමියේ බැඳ සිටින තායි රාජ ගේ සුවදුක් විමසා බැලීමෙන් පසු ඇතා මනා සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව තහවුරු වූ බවයි තානාපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ.

තායිරාජා හස්තියා නිරීක්ෂණයට පෙර තානාපතිවරයා මාලිගාවට ගොස් දන්ත ධාතූන් වහන්සේ වැඳ පුදා ආශිර්වාද ලබා ගත් අතර විශේෂ අමුත්තන්ගේ මැදිරියේදී ඔහු දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතා සමඟ සාකච්ඡාවක ද නිරත වුණා.

ශ්‍රී ලංකාවේ අලි ඇතුන් රැක බල ගැනිම සඳහා අවශ්‍ය තාක්ෂණික දැනුම තායිලන්තයෙන් ලබාදීමට බලාපොරොත්තුවන බවයි ඔහු සඳහන් කළේ.

ප්‍රතිකාර සඳහා තායිලන්තයට රැගෙන ගිය මුතුරාජා මේ වන විට සුවයෙන් පසුවන බවත් අදාළ තීරණය හේතුවෙන් ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර රාජ්‍ය තාන්ත්‍රික වශයෙන් පවතින සම්බන්ධතාවට කිසිදු ආකාරයකින් බලනොපාන බවත් හෙතෙම අවධාරණය කර තිබෙනවා.

ශ්‍රී ලංකා රජයට හා ජනතාවට මෙන්ම තායිලන්ත රජයට හා ජනතාවට ද අවශ්‍ය වී ඇත්තේ මුතු රාජා හස්තියාට නිසි වෛද්‍ය ප්‍රතිකාර ලබා දී සුවකර ගැනීම බැවින් ඊට අවශ්‍ය සියලු කටයුතු මේ වනවිට සිදුවෙමින් ඇති බව ද ඔහු ප්‍රකාශ කළා.

මෙහි දී අදහස් දැක්වූ දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතා සඳහන් කළේ තායිලන්ත තානාපතිවරයා මෙයට පෙරද ඇතා බැලීමට පැමිණි බවත් මේ වනවිට මද කිපී සිටින ඇතා මනා සෞඛ්‍ය තත්ත්වයෙන් සිටින බවයි.

සමාජ මාධ්‍ය ඔස්සේ රාජ්‍ය නොවන සංවිධාන නියෝජිතයින් අසත්‍ය කරුණු සමාජගත කරමින් සිටින අතර හීලෑ අලි ඇතුන් රැක බලා ගැනීමේ දී යම් යම් සුළු අඩුපාඩු සිදු වුව ද සමස්තයක් ලෙස මෙම සතුන් ඉතා හොඳින් රැක බලා ගන්නා බවයි දියවඩන නිලමේවරයා පෙන්වා දෙන්නේ.

නිවෙස් හා විහාරස්ථාන ආදිය ආශ්‍රිතව හීලෑ අලි අතුන් 100ක් සහ පින්නවල අලි අනාථාගාරයේ හීලෑ අලි ඇතුන් 200ක් සිටින බව පෙන්වා දුන් ඔහු කියාසිටියේ එම සත්වයන් සුරක්ෂිතව පසුවන බවයි.

මුතුරාජා ඇතුගේ සිද්ධිය හේතුවෙන් හීලෑ අලි ඇතුන් භාරකරුවන් මහත් අසීරුතාවට හා සිත් තැවුලට පත්වූ බව ද ප්‍රදීප් නිලංග දෑල මහතා සඳහන් කළා.

බොහෝ පිරිසක් අලි ඇතුන් රැක ගනිමින් ඔවුන්ට සත්කාර කරන අතර තාක්ෂණික වෛද්‍ය උපකරණ හා මෙවලම්වල හිඟතාව සතුන්ට ප්‍රතිකාර කිරීමේ ගැටලුවක් බවට පත්වී ඇති බවයි දියවඩන නිළමේවරයා සඳහන් කළේ.

දළදා මාලිගාවේ අලි ඇතුන්ගේ ප්‍රතිකාර භාරව කටයුතු කරන පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මහාචාර්ය අශෝක දංගොල්ල මහතා ද මේ අවස්ථාවට එක්ව සිටියා.

මෙහිදී අදහස් පළ කළ හීලෑ අලි ඇතුන් හිමියන්ගේ සංගමයේ ලේකම් දම්සිරි කරුණාරත්න මහතා කියා සිටියේ අලි ඇතුන් රැක බලාගන්නන් සඳහා විධිමත් පුහුණුවක් ලබාදීම අත්‍යවශ්‍ය කරුණක් බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
0
+1
2
+1
2
+1
1
+1
2
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?