තායි කතුන් පිරිමින්ට විකිණූ තැනක් කොල්ලුපිටියෙන් වටලයි

සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් කොල්ලුපිටිය ප්‍රදේශයේ දී ඊයේ (19) රාත්‍රියේ පොලිසිය විසින් වටලා තිබෙනවා.

විදේශීය කතුන් යොදාගෙන සිදුකරගෙන ගොස් ඇති මෙම ගණිකා නිවාසය කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය මඟින් වටලා ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගොස් ඇති මෙම ගණිකා නිවාසය කළමනාකරණය කිරීම සම්බන්ධයෙන් සැකකරුවෙකු සහ ගණිකා සේවය සැපයීමට සිටි විදේශ ජාතික කාන්තාවන් 09 දෙනෙකු මෙහිදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගැනුණු, කළමණාකරු ලෙස කටයුතු කළ පුද්ගලයා වයස අවුරුදු 58 ක් වන ජාඇල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි වාර්තා වන්නේ.

අත්අඩංගුවට ගත් විදෙස් ජාතික කාන්තාවන් සියලුදෙනාම තායිලන්ත ජාතික කාන්තාවන් බවයි පොලිසිය වැඩිදුරටත් පැවසුවේ.

ඔවුන් වයස අවුරුදු 25ත් 41ත් අතර වයස්වල පසුවන බවයි වාර්තා වන්නේ.

අත්අඩංගුවට ගැනුණු පිරිස වැඩිදුර විමර්ශන සඳහා කොල්ලුපිටිය පොලිස් ස්ථානයට ඉදිරිපත් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
15
+1
6
+1
31
+1
4
+1
7
+1
4
+1
15
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හඳුන්ගොඩගේ දේහයට අවසන් ගෞරව දක්වන්න ආ නාමල් සංවේදි වෙයි
01:00
Video thumbnail
නිවුටන්ගේ නියමයෙන් මේක බේරගන්න බැහැ..නලින් බණ්ඩාරගෙන් සැර කතාවක්..
09:55
Video thumbnail
ලාල් කාන්තගෙන් මිහින්තලේ හිමිට දැඩි වාග් ප්‍රහාරයක්
04:39
Video thumbnail
මන්ත්‍රී කොට්ටහච්චිට මුජිබුර්ගෙන් සැර කින්ඩියක්.."අගමැතිට අපහාස කරන්නේ එයාලගේ මන්ත්‍රීලා තමයි"
04:18
Video thumbnail
ඉපලෝගම OIC, නිල නිවසට කාන්තාවක් එක්කන් ගිහින් කරපු කැත වැඩේ එළියට..
28:13
Video thumbnail
හරිනි ඇමතිට බබා වෙන්න බෑ..හත්පොළේ ගාගෙන ඉවරයි..විමල්, මල්වතු නාහිමි බැහැදැකලා කිව්ව දේ
10:33
Video thumbnail
නාමල්, නලින් හඳුන්ගොඩගේ දේහයට අවසන් ගෞරව දක්වන්න එයි..නාමල් සංවේදි වෙයි
02:09
Video thumbnail
බොරැල්ලේ උණුසුම් තත්ත්වයක්.."බෝ#බ ගෙනාපු අය නිදැල්ලේ..පරීක්‍ෂණ යට ගැ#වා"
09:05
Video thumbnail
අම්මා කෙනෙක් හැටියට කොට්ටහච්චි ලැජ්ජා වෙන්න ඕනි..සුගීෂ්වර හොඳම එකෙන් දෙසයි
03:58
Video thumbnail
නාමල්ගෙන් ජනපති අනුරට සත්තමක්..සජබ - එපාජ එකතු වුණොත් පොහොට්ටුවත් එකතු වෙන්න ලෑස්තියි..?
04:13


?