තායිලන්තයේ වංචනික රැකියා දීමනාවක් ගැන නිවේදනයක්

විවිධ වංචනික ක්‍රියාවන්ට සම්බන්ධ සැක සහිත තොරතුරු තාක්ෂණ සමාගම් විසින් තොරතුරු තාක්ෂණ (IT) අංශයේ තනතුරු සඳහා ශ්‍රී ලාංකිකයන් තායිලන්තයේ රැකියා සඳහා පොළඹවන බවට මෑතකදී නිරීක්ෂණය වී ඇතැයි තායිලන්තයේ ශ්‍රී ලංකා දූත මණ්ඩලය පවසනවා.

වින්දිතයන් නීතිවිරෝධී ලෙස තායිලන්තයේ සිට බොහෝ දුරට මියන්මාරයට දේශසීමා හරහා ගෙන යන අතර දැඩි සීමා සහිත කොන්දේසි යටතේ වැඩ කිරීම සඳහා වහල්භාවයේ තබා ඇති බවටයි වාර්තා වන්නේ.

මෙම වින්දිතයන්ගෙන් ඇතැමෙකු නීති විරෝධී ලෙස රටට ඇතුළු වීම සම්බන්ධයෙන් ආරක්ෂක බලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි සඳහන්.

මෙම විපතට පත් සියලුම ශ්‍රී ලාංකිකයින් සංචාරක වීසා මත තායිලන්තයට පැමිණ ඇති අතර, පැමිණීමෙන් පසු රැකියා වීසා බවට පරිවර්තනය කරන බවට පොරොන්දු වූ නමුත් එය සාර්ථක වී නොමැති බවටයි අනාවරණ වී ඇත්තේ.

එබැවින් එවැනි වංචනික රැකියා දීමනාවලට නොරැවටෙන ලෙස ශ්‍රී ලාංකික ජනතාවට උපදෙස් දෙන අතර ඕනෑම රැකියා දීමනාවක් ලබා ගැනීමට පෙර ඉතා ප්‍රවේශම් සහගතව බඳවා ගැනීමේ නියෝජිතයින් මෙන්ම ඕනෑම සමාගමක පසුබිම සම්බන්ධ තොරතුරු තහවුරු කර ගන්නා ලෙසට දැනුම් දෙනවා.

එමෙන්ම මේ සම්බන්ධයෙන් තායිලන්ත ආගමන කාර්යාංශයේ www.immigration.go.th වෙබ් අඩවියෙන් තොරතුරු ලබා ගන්නා ලෙසටයි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ ස්ථිර දූත මණ්ඩලය ප්‍රකාශ කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46
Video thumbnail
BOI එක ආයෝජනවලට දාන්න පුළුවන් ලොකුම බාධා ටික දානවා - එන ටිකත් අවට රටවල්වලට යොමු කරනවා
03:35
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30