spot_img
AFC Banner
Empty Ad
Empty Ad

තායිලන්තයේ වංචනික රැකියා දීමනාවක් ගැන නිවේදනයක්

විවිධ වංචනික ක්‍රියාවන්ට සම්බන්ධ සැක සහිත තොරතුරු තාක්ෂණ සමාගම් විසින් තොරතුරු තාක්ෂණ (IT) අංශයේ තනතුරු සඳහා ශ්‍රී ලාංකිකයන් තායිලන්තයේ රැකියා සඳහා පොළඹවන බවට මෑතකදී නිරීක්ෂණය වී ඇතැයි තායිලන්තයේ ශ්‍රී ලංකා දූත මණ්ඩලය පවසනවා.

වින්දිතයන් නීතිවිරෝධී ලෙස තායිලන්තයේ සිට බොහෝ දුරට මියන්මාරයට දේශසීමා හරහා ගෙන යන අතර දැඩි සීමා සහිත කොන්දේසි යටතේ වැඩ කිරීම සඳහා වහල්භාවයේ තබා ඇති බවටයි වාර්තා වන්නේ.

මෙම වින්දිතයන්ගෙන් ඇතැමෙකු නීති විරෝධී ලෙස රටට ඇතුළු වීම සම්බන්ධයෙන් ආරක්ෂක බලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි සඳහන්.

මෙම විපතට පත් සියලුම ශ්‍රී ලාංකිකයින් සංචාරක වීසා මත තායිලන්තයට පැමිණ ඇති අතර, පැමිණීමෙන් පසු රැකියා වීසා බවට පරිවර්තනය කරන බවට පොරොන්දු වූ නමුත් එය සාර්ථක වී නොමැති බවටයි අනාවරණ වී ඇත්තේ.

එබැවින් එවැනි වංචනික රැකියා දීමනාවලට නොරැවටෙන ලෙස ශ්‍රී ලාංකික ජනතාවට උපදෙස් දෙන අතර ඕනෑම රැකියා දීමනාවක් ලබා ගැනීමට පෙර ඉතා ප්‍රවේශම් සහගතව බඳවා ගැනීමේ නියෝජිතයින් මෙන්ම ඕනෑම සමාගමක පසුබිම සම්බන්ධ තොරතුරු තහවුරු කර ගන්නා ලෙසට දැනුම් දෙනවා.

එමෙන්ම මේ සම්බන්ධයෙන් තායිලන්ත ආගමන කාර්යාංශයේ www.immigration.go.th වෙබ් අඩවියෙන් තොරතුරු ලබා ගන්නා ලෙසටයි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ ස්ථිර දූත මණ්ඩලය ප්‍රකාශ කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රට වටේ තිබුණු විවිධ ඡන්ද වලින් දැනට මාලිමාව ඉන්න තැන මෙන්න
09:52
Video thumbnail
මෙවර තමන්ට ඕනේ තැනකින් ඡන්දය දැමීමේ අවස්ථාව...#elections2024
02:38
Video thumbnail
මෛත්‍රී සහභාගී වූ විශේෂ මාධ්‍ය හමුව...#maithripalasirisena
05:11
Video thumbnail
දසත Mid Day 11.25 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය - DASATHA NEWS 11.25 PM LIVE | 2024-07-27|Dasatha News
31:18
Video thumbnail
වික්‍රමබාහු කරුණානායට අවස්න ගෞරව දක්වන්න ආ ජනපති
00:43
Video thumbnail
"9වන විධායක ජනාධිපතිත් රනිල්" #ranilwickremesinghe
01:48
Video thumbnail
ක්‍රිකට් ක්‍රීඩා ලෝලීන්ගේ සතුට - "ලංකාවේ කෙල්ලො ටිකනම් සුපිරී"
02:43
Video thumbnail
රනිල් උන්මන්ත නායකයෙක්... "මෙයාලා බලය වෙනුවෙන් ඕනෑම දුෂ්ඨ ක්‍රියාවකට යනවා" #anurakumaradissanayake
08:48
Video thumbnail
වත්මන් T20 නායක චරිත් අසලංකගේ Planඑක මෙන්න... #cricket #t20cricket #charithasalanka
04:48
Video thumbnail
සැප්තැම්බර් 22 නියත ජනපති 'අනුර' #npp #akd #anurakumaradissanayake #elections2024
06:50

?