spot_img
AFC Banner
Korea Edu Banner
Empty Ad

තායිලන්තයේ දුර්ලභ ගණයේ අලි උපතක්

මධ්‍යම තායිලන්තයේ ‘ආයුත්තයා එලිෆන්ට් පැලස්’ (Ayutthaya Elephant Palace)හි සිදු වූ දුර්ලභ ගණයේ නිවුන් අලි උපතක් පිළිබඳ විදෙස් මාධ්‍ය තොරතුරු වාර්තා කරනවා.

මෙම උපත සැබවින්ම ආශ්චර්යයක් හැටියටයි උද්‍යාන භාරකරුවන් විසින් විස්තරකර තිබෙන්නේ.

මෙම ආශ්චර්යමත් නිවුන් අලි පැටවුන් බිහිකළ 36 හැවිරිදි ආසියානු කෙනෙර නම් කර ඇත්තේ ‘චම්චුරි’ නමින්.

විදෙස් මාධ්‍ය වාර්තාවන්ට අනුව, 60kg ට වඩා වැඩි බරකින් යුක්ත පළමු පිරිමි පැටවා බිහිකිරීමෙන් අනතුරුව චම්චුරි තරමක් කලබලකාරී බවක් පෙන්නුම් කරමින් දෙවන පැටවා බිහිකර ඇති බව සඳහන්.

භාරකරුවන් ප්‍රකාශ කළේ දෙවන උපත 55kgක් පමණ බරැති ගැහැණු පැටවෙක් බවයි.

එම උපතේ දී මව විසින් පයින් ගැසීම වළක්වාගැනීමට ඇයව පාලනය කිරීමට දැඩි වෙහෙසක් දැරීමට සිදුව තිබෙනවා.

එහිදී අලි මවට සහයට සිටි ඇත්ගොව්වෙකු තුවාල ලබා ඇති බව ද සඳහන්.

නමුත් වසර 15ක් තිස්සේ උද්‍යානයේ සේවය කරන එම ඇත්ගොව්වා පවසා තිබුණේ තුවාලයේ වේදනාවට වඩා දුර්ලභ නිවුන් අලි උපත තමාට සතුටට කාරණයක් වන බවයි.

මෙලෙස උපත ලබා ඇති ගැහැණු පැටවා තරමක් කුඩා වන අතර ඇයට මවගෙන් කිරි ලබාදීමට පුටුවක් මත තැබීමට සිදුවන බවත් සඳහන්.

‘සේව් ද එලිෆන්ට්’ නම් පර්යේෂණ සංවිධානයට අනුව නිවුන් අලි උපත් සියයට එකක් පමණක් වන අතර, එය පිරිමි – ගැහැණු වීම ඊටත් වඩා දුර්ලභ වීම විශේෂත්වයක්.

ජනගහනයෙන් බහුතරයක් බෞද්ධයන් වන තායිලන්තයේ අලි ඇතුන් පූජනීය ලෙස සලකනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
17
+1
1
+1
26
+1
4
+1
2
+1
1
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?