තාක්ෂණික දෝෂ තියන දුම්රිය ධාවනයෙන් දුම්රිය රියදුරන් ඉවත්වෙයි

තාක්ෂණික අඩුපාඩු සහිත දුම්රිය ධාවනයෙන් දුම්රිය රියදුරන් ඉවත්වීමට ලොකමෝටිව් රියදුරන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.

එම සංගමයේ කැඳවුම්කරු ඉන්දික දොඩංගොඩ සඳහන් කළේ ඊයේ (26) දිනයේ සිට දුම්රිය ධාවනයේ දී වේග සීමා ද තරයේ පිළිපදින බවයි.

මේ අතර තාක්ෂණික අඩුපාඩු සහිත දුම්රිය එන්ජින්වල නඩත්තු කටයුතු සඳහා යම් කාලසීමාවක් දුම්රිය දෙපාර්තමේන්තුව ලබාදීමට ලොකමෝටිව් ඔපරේටින් ඉංජිනියස් සංගමයේ විධායක කමිටුව තීරණය කර තිබෙනවා.

එම සංගමයේ සභාපති ජීව ගුණවර්ධන අද මාධ්‍ය හමුවක් පවත්වමින් මේ බව සඳහන් කළා.

එහිදී සභාපතිවරයා පැවසුවේ දුම්රිය දෙපාර්තමේන්තුවට ලබාදෙන කාලසීමාව තුළ නිසිපරිදි නඩත්තු කටයුතු සිදුනොවූ දුම්රිය එන්ජින් සහ බලවේග කට්ටල ධාවනය ප්‍රතික්ෂේප කරන බවයි.

මේ අතර අද (27) පෙරවරුවේ කාර්යාල දුම්රිය රැසක් ප්‍රමාදවීමෙන් මගීන් රැසක් අපහසුතාවයට පත් වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොහොට්ටුවේ මහ රැළියට සූදානම් වන අයුරු
00:43
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා
01:40
Video thumbnail
කෝටි ගණනක මුදල් වංචා කල මාලිමා මන්ත්‍රී කෙනෙක් රිමාන්ඩ් කරයි ?
00:22
Video thumbnail
ජපන් විශ්ව විද්‍යාලයක සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි
01:33
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ
00:54
Video thumbnail
අසරණ ජනතාවට නොමිලේ ජල බෝතල් බෙදා දුන්න උතුම් මිනිස්සු - "මේ රජය ඇත්තටම වැඩක් නෑ - මොකුත් දුන්නේ නෑ"
04:59
Video thumbnail
ජපන් සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි - බලන්නකෝ හරි අපූරුවට සිංහලෙන් කතා කරපු හැටි
06:00
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ - ඉස්සරහා පොලිසිය නෑනේද බන්
00:58
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා - "මගේ දරුවා ගත්තනම්..මළ කඳ බලන්න වෙන්නේ නෑනේ"
07:55
Video thumbnail
කෝටි ගණනක මුදල් වංචා කල මාලිමා මන්ත්‍රී කෙනෙක් රිමාන්ඩ් කරයි ?
00:28