ඉන්ධන මිල ඉහළ දැමීමට කටයුතු කිරීමත් සමඟ ත්‍රිරෝද රථ ගාස්තුව ඉහළ දැමීමට ත්‍රිරෝද රථ සංගම් සූදානම් වනවා.
ඒ, අනුව අද (22) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවක දී ජාතික ඒකාබද්ධ ත්‍රිරෝද රථ හා කර්මාන්තකරුවන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් එල්. රෝහණ පෙරේරා සඳහන් කළේ පළමු කිලෝමීටරයට අයකරන ත්‍රිරෝද රථ ගාස්තුව රුපියල් 20කින් ඉහළ දැමීමට රජයෙන් ඉල්ලා සිටින බවයි.
එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ගාස්තු මීටරය භාවිත කරන සෑම ත්‍රිරෝද රථ රියදුරෙකුටම පළමු කිලෝමීටරයට අයකරන ගාස්තුව රුපියල් 20ක් වැඩි විය යුතු බවයි.
ඊයේ (21) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සියලුම ඉන්ධන වර්ගවල මිල ඉහළ දැමීමට කටයුතු කළා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
2
+1
+1
+1
+1
1













