ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගැනුණු දෙමළ කලාකරුවා නිදහස් කිරීම ගැන නාමල්ගේ සතුට

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) යටතේ අත්අඩංගුවට ගැනුණු දෙමළ හිප් හොප් කලාකරුවෙකු වන සංගීත්සන් ගනේස්කුමාර් හෙවත් හිපොප් සංගී, නිදහස් කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සිය සතුට පළකර තිබෙනවා.

සිය නිල එක්ස් ගිණුමේ සටහනක් තබමින් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා මේ බව සඳහන් කරනවා.

නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා එහි දක්වා ඇත්තේ, කලාකරුවා නිදහස් කිරීමට ගත් තීරණය වටා ඇති දේශපාලනය පිළිබඳව තමන් අදහස් නොදක්වන බවයි.

නාමල් මන්ත්‍රීවරයා කලාකරුවාට තවදුරටත් සුබ පතමින්, ඔහු තම දක්ෂතා සහ අභිලාෂයන් ධනාත්මක හා අර්ථවත් ආකාරයකින් හඹා යනු ඇතැයි බලාපොරොත්තුවන බව එහි වැඩිදුරටත් දක්වා තිබෙනවා.

නාමල් රාජපක්ෂගේ එක්ස් සටහන පහතින්.

“මෙම තීරණය පිටුපස ඇති දේශපාලනය පිළිබඳව මම අදහස් දක්වන්නේ නැහැ.
වැදගත් වන්නේ තරුණ කලාකරු සංගීත්සන් නිදහස් කර ඔහුගේ පවුලේ අය සමඟ නැවත එක්වීමයි. එය සිදුවීම දැකීම ගැන මම සතුටු වෙමි.
ඔහුට අනාගතයට සුභ පතන අතර ඔහු තම දක්ෂතා සහ අභිලාෂයන් ධනාත්මක හා අර්ථවත් ආකාරයකින් හඹා යාමට බලාපොරොත්තු වෙමි.”

  1. ඉස්සර ප්‍රේමදාසට ජාති මාමක ගීත ලියලාදීල ලොකු මුදලක් අර ගත්තලු එක්තරා ගීත ලියන්නෙක් ( නම සදහන් නොකරමි ) ප්‍රේමදාස ඒ ගීත එයාගේ නමින් එලි දක්වලා රට පිළිබද ආදරය ප්‍රදර්ශනය කලා
    දැන් මේ නෑ මොලේ ගොබ්බයාට මේ අදහස් ලියලා දෙන්නේ කවුද? කීයක් විතර ගෙවනවද?.. දැන් දුපතේ මිනිස්සු අන්දන්න අමාරුයි…. ආසියාවේ වාර්තා තියලා ආපු අපේ දුප්පත් කොල්ලෝ කෙල්ලෝ ගැන දන්නෙවත් නැති මුන් දෙමළ කතිර උදෙසා ඉව අල්ලන බව උන් දන්නවා.. ආයේ රැවටෙන්නේ නැහැ.. වැලිකඩ යන්න හිත හදාගනින් බේබ්



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
“රටම එකට” ජාතික මෙහෙයුම් සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස්වෙයි - ගුරුවරුන්ටත් විශේෂ පුහුණුවක් ?
01:44
Video thumbnail
ඇප අරගෙන නැවත බන්ධනාගාරයට ගිය නාමල් - බලන්නකෝ මූණේ තියෙන අමුතු හිනාව
00:35
Video thumbnail
පොහොට්ටුවෙන් විදේශ තානාපතිවරු හමුවීම ගැන නලින්ද පිළිතුරු දෙයි - වෙන්නේ රටේ තියෙන නීතියට අනුව
01:52
Video thumbnail
ජොන්ස්ටන් එළියට ඇවිත් ආණ්ඩුවට කිව්ව දේ - "ආණ්ඩුවේ එකම නිව්ස් එක රිමාන්ඩ් කිරීම"
03:27
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක් - "බුදු සරණයි ගම්බාර අප්පච්චිට බාරයි"
01:13
Video thumbnail
ගලබොඩ අත්තේ හිමි නිදහස් කර ගන්න පෙත්සම් ගහද්දි මනුස්සයෙක් යකා නටයි - "ඥාණසාර හිමි හිරේ යන්න ඕනි"
02:42
Video thumbnail
ඔයාගේ ගායනයට තහංචි දාන්න බෑ - මල්ලි ඔයත් එන්තර වාසියක් යවන්න..ගායනයට තහංචි දාන්න බෑ
06:06
Video thumbnail
මගේ සිංදු ඕනි කෙනෙක් කියන්න..යද්දි පෙට්ටිය කොනේ තියන් යන්නේ නෑ මම
05:44
Video thumbnail
නාමල් රාජපක්ෂ ඇපමත මුදා හරියි - විදෙස් ගමන් තහනම් කරයි
00:43
Video thumbnail
රනිල්ගේ නඩුව කල්‍ යයි..බිරිඳ එක්ක රනිල් පිටව ගිය හැටි - "ජනතාවගේ ජීවිත බේරගත්ත අලියා"
01:50