තවත් ෆයිසර් එන්නත් තොගයක් දිවයිනට

ශ්‍රී ලංකාව විසින් මිල දී ගත් තවත් ෆයිසර් එන්නත් මාත්‍රා 26,000ක් දිවයිනට රැගෙනවිත් තිබේ.

එම එන්නත් මාත්‍රා තොඟය අද (12) අලුයම කටුනායක ගුවන් තොටුපොළ ට රැගෙන ඒමෙන් පසු ගබඩා වෙත විශේෂිත ලොරි රථවලින් රැගෙන ආ බව “අද දෙරණ” වාර්තාකරුවන් පැවසුවේය.

මීට පෙර ද අමෙරිකාවේ නිෂ්පාදිත ෆයිසර් එන්නත් මාත්‍රා 26,000ක් මෙරටට ලැබී තිබුණි.

මේ දක්වා මෙරටට සයිනොෆාම්, ඇස්ට්‍රාසෙනිකා, ස්පුට්නික් v හා ෆයිසර් යන කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා 8,571,000ක් ලැබී තිබේ.

ඉන් මාත්‍රා 5,330,492ක් මේ වන විට පුද්ගලයන්ට ලබා දී ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය පැවසුවේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?