තවත් විදෙස් රැකියා ජාවාරමක තොරතුරු හෙළිවෙයි

ජෝර්දානය හරහා විදේශ රැකියා සඳහා පුද්ගලයන් යොමු කිරීමේ ජාවාරමක් පිළිබඳ තොරතුරු අනාවරණ වී ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා.

සංචාරක වීසා මගින් ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසක් විදෙස්ගත වීම සම්බන්ධයෙන් සිදු කළ සොයා බැලීමකදීයි මෙම තොරතුරු අනාවරණ වී ඇත්තේ.

එම පුද්ගලයන්ගෙන් කාර්යාංශ නිලධාරීන් කළ ප්‍රශ්ණ කිරීම්වලදී ඔවුන් ප්‍රකාශකර ඇත්තේ ජෝර්දානයේ සංචාරයක නිරත වීමට යන බවයි.

එහෙත් ජෝර්දානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මගින් විදේශ සේවා නියුක්ති කාර්යාංශය වෙත ඉදිරිපත් කර ඇති තොරතුරුවල දැක්වෙන්නේ විදෙස් රටවල් 10කින් පමණ මෙලෙස නීති විරෝධීව පැමිණි සංචාරකයන් අතරමංව සිටින බවටයි.

මේ හේතුවෙන් ජාවාරම්කරුවන්ගේ වංචනික ක්‍රියාවලට හසු නොවන ලෙසට ශ්‍රී ලාංකිකයන් දැනුවත් කරන්නැයි ජෝර්දානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යහාලය දැනුම්දී ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය ප්‍රකාශ කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14