spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

තවත් විදෙස් රැකියා ජාවාරමක තොරතුරු හෙළිවෙයි

ජෝර්දානය හරහා විදේශ රැකියා සඳහා පුද්ගලයන් යොමු කිරීමේ ජාවාරමක් පිළිබඳ තොරතුරු අනාවරණ වී ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා.

සංචාරක වීසා මගින් ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසක් විදෙස්ගත වීම සම්බන්ධයෙන් සිදු කළ සොයා බැලීමකදීයි මෙම තොරතුරු අනාවරණ වී ඇත්තේ.

එම පුද්ගලයන්ගෙන් කාර්යාංශ නිලධාරීන් කළ ප්‍රශ්ණ කිරීම්වලදී ඔවුන් ප්‍රකාශකර ඇත්තේ ජෝර්දානයේ සංචාරයක නිරත වීමට යන බවයි.

එහෙත් ජෝර්දානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මගින් විදේශ සේවා නියුක්ති කාර්යාංශය වෙත ඉදිරිපත් කර ඇති තොරතුරුවල දැක්වෙන්නේ විදෙස් රටවල් 10කින් පමණ මෙලෙස නීති විරෝධීව පැමිණි සංචාරකයන් අතරමංව සිටින බවටයි.

මේ හේතුවෙන් ජාවාරම්කරුවන්ගේ වංචනික ක්‍රියාවලට හසු නොවන ලෙසට ශ්‍රී ලාංකිකයන් දැනුවත් කරන්නැයි ජෝර්දානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යහාලය දැනුම්දී ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය ප්‍රකාශ කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?