තවත් පුද්ගලයෙකු වෙඩිතැබීමකින් මියයයි (විඩියෝ)

යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් හංවැල්ල ප්‍රදේශයේදී සිදුකළ වෙඩිතැබීමකින් 48 හැවිරිදි තිදරු පියෙක් ජීවිතක්ෂයට පත්ව ති‌බෙනවා.

මියගිය පුද්ගලයා හංවැල්ල ප්‍රදේශයේ හෝටලයක් පවත්වාගෙන යන අයෙකු වන අතර යතුරුපැදියෙන් පැමණි එක් පුද්ගලයෙකු හෝටලයේ දොරට තට්ටුකර දුම්වැටි ඉල්ලා ඉන්පසු යතුරුපැදියේ පැමිණි අනෙක් පුද්ගලයා එක්වරම දොර විවෘත කර හෝටලය තුළට පැමිණ කැෂියර් එකේ සිටි හෝටලයේ හිම්කරුගෙ ⁣පපු ප්‍රදේශයට වෙඩි තබා පළාගොස් ඇති බවයි පොලිසිය පැවසුවේ.

වෙඩිවැදීමෙන් තුවාල ලැබු හෝටලයේ හිමිකරු පාදුක්ක රෝහලට ඇතුළත් කළද ඒ වන විටත් මියගොස් සිට ඇති බව රෝහල් ආරංචි මාර්ග පැවසීය.මියගොස් ඇත්තේ, මොහොමඩ් ෆරුෂාන් යන පුද්ගලයෙකි.

සිද්ධියට සම්බන්ධයෙන් හංවැල්ල පොලිස් ස්ථානය මගින් විමර්ශන ආරම්භ කර තිබේ.

https://youtu.be/G1uiaJDaIFg