AFC Banner
Empty Ad
Empty Ad

තවත් පිරිසකට ෆයිසර් එන්නත දෙන්න ජනපතිගෙන් උපදෙස්

ඔක්තෝම්බර් මස 21 වෙනිදා සිට වයස අවුරුදු 18-19 වයස් කාණ්ඩයේ පසුවන දරු දැරියන් සඳහා ෆයිසර් එන්නත ලබාදීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද දිනයේදී උපදෙස් ලබාදුන් බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා.

මෙම වයස් ඛාණ්ඩවල පසුවන සිසු දරු දැරියන්ට ඔවුන්ගේ පාසල් වල සංවිධානය කෙරෙන එන්නත් කඳවුරු හරහා මෙන්ම ඔවුන්ගේ පදිංචියට ආසන්න සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල වලින්ද අදාළ එන්නත ලබාගත හැකි බවයි යුද හමුදාපතිවරයා සඳහන් කළේ.

දැනට වයස අවුරුදු 15 -20ත් අතර දරු දැරියන්ට කොවිඩ් එන්නත ලබාදීමෙන් පසුව අවුරුදු 12 සිට 15 දක්වා වන දරු දැරියන්ට එන්නත් ලබාදීමේ වැඩසටහන ආරම්භ කිරීමට රජයේ අවදානය යොමුවී ඇත.

https://youtu.be/mBIB2CNFGyA
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?