තවත් ග්‍රාම නිලධාරී වසම් දෙකක් හුදෙකලා කරයි

හිඟුරක්ගොඩ, සිරිකෙත ග්‍රාම නිලධාරි වසම සහ මාතලේ, උකුවෙල, පල්ලේකුඹුර ග්‍රාම නිලධාරි වසම වහාම ක්‍රියාත්මකවන පරිදි හුදෙකලා කිරීමට තීරණය කර ඇති බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටිනවා.

කොවිඩ් -19 වෛරසය ව්‍යාප්තිය හේතුවෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි තවත් ග්‍රාම නිලධාරී වසම් දෙකක් හුදෙකලා කිරීමට තීරණය කළ බව යුද හමුදාපතිවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.