තවත් කොවිඩ් පොකුරක්

පාදුක්ක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය මඟින් සිදුකළ පී.සී.ආර් පරීක්ෂණවලදී කොවිඩ් -19 ආසාදිතයින් 114 දෙනෙකු හඳුනාගෙන තිබේ.

පසුගිය මස 31 වනදා සිදුකළ පී.සී.ආර් පරීක්ෂණ 170කින් එම ආසාදිතයින් හඳුනාගත් බව පාදුක්ක සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි දුමිත්‍රී කහංගම මහතා පැවසීය.

කෙසේවෙතත් නිරෝධායනය වෙමින් සිටි පිරිසක් සහ රෝග ලක්ෂණ පෙන්නුම් කළ පිරිසක් මෙම පී.සී.ආර් පරීක්ෂණ සඳහා යොමුකළ බව ඔහු කීය.

ආසාදිතයින් අතර පොලිස් නිලධාරින් දෙදෙනෙකු ද වන බව වාර්තා වේ.

මේ අතර, බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය යටතේ පාලනය වන නගරබද සහ වතු ආශ්‍රිත ප්‍රදේශවලින් අසාදිතයන් 13 දෙනෙකු හමු වූ බව එහි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා පැවසිය.

බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල බලප්‍රදේශයෙන් කොවිඩ්-19 වෛරස ආසාදිතයන් 566 දෙනෙකු මේ වන විට වාර්තා වී ඇති අතර ඊයේ (01) දින වාර්තා වු කොවිඩ් මරණ 04ත් සමග එම ප්‍රදේශයෙන් වාර්තා වී ඇති කොවිඩ් මරණ 18 දක්වා ඉහළ ගොස් ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා පැවසුවේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සහල්වලින් බියර් හදනවා කිව්ව දේට කැබිනට් හමුව උණුසුම් වෙයි - අදහසක් පදනම් කරගෙන කියන්න ඇත්තේ
02:14
Video thumbnail
ගොබ්බයෝ පුළුවන් නම් වරෙල්ලා - අපි අභියෝග කරනවා
03:04
Video thumbnail
ජනපතිගේ ප්‍රංශ සංචාරයට මොකද වුණේ ? වීසා ප්‍රතික්ෂේප කරලද ?
01:32
Video thumbnail
ප්‍රභූ ආරක්ෂාව ගැන ඇමති නලින්දගෙන් හෙළිදරව්වක් - සමහර විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට තියෙනවා
02:09
Video thumbnail
ගේ ඇතුලේ ඇඳ යට නිධන් හාරලා - බලද්දී ඇතුලේ තිබ්බ දේ..
02:14
Video thumbnail
බිත්තර, මස් මිල ඉහළ යයිද ?බඩ ඉරිඟු නැතිවුණොත් සත්ත්ව ආහාර නිෂ්පාදනය නවතිනවා
11:33
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.07.14
01:05:31
Video thumbnail
ප්‍රසන්න රණතුංගට පනවා තිබූ විදේශ ගමන් තහනම තාවකාලිකව ඉවතට - ගැම්මට හිනාවෙලා යන හැටි
01:23
Video thumbnail
පොඩි පොඩි අඩුපාඩුකම් තිබ්බත් අපේ පාර්ලිමේන්තුව ගොඩාක් හොඳයි
03:46
Video thumbnail
කුපිත වුණ රාජාංගනයේ ගොවියන් මහ පාරට බහියි - මේ බාල පොහොර තනිකරම ජරා ගොඩක්
04:52