AFC Banner
Empty Ad
Empty Ad

තවත් කොරෝනා මරණයක්…

මෙරට 274වන කොවිඩ් මරණය වාර්තා වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා මීට සුළු වේලාවකට පෙර නිවේදනය කළේය.

එලෙස මියගොස් ඇත්තේ 53 හැවිරිදි මැල්ලවගෙදර ප්‍රදේශයේ පදිංවිව සිටි කාන්තාවකි.

මීගමුව දිස්ත්‍රික් මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර කොවිඩ්-19 ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනීමෙන් පසු ජාතික බෝවන රෝග විද්‍යා ආයතනයට මාරුකර යවා ඇති අතර එම රෝහලේදී අද (20) මියගොස් ඇත.

මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් නියුමෝනියාව නිසා ඇතිවූ ලේ විෂවීමේ කම්පනය සහ උග්‍ර දිවැඩියාව බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා වැඩිදුරටත් පැවසීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?