තවත් කාන්තාවක් දැවැන්ත වංචාවක යෙදී සිටියදී අත්අඩංගුවට

සංචාරක වීසා මගින් මැලේසියාවේ රැකියා ලබාදීමට රු 5,015,000ක මුදලක් ලබා ගෙන සැඟව සිටි කාන්තාවක් අත්අඩංගුවට ගෙන ගෙන තිබේ.

ඇය අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දෙසැම්බර් මස 13 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා

තංගල්ල ප්‍රදේශයේ කාන්තාවකට මුදල් ගෙවා විදේශගත වීමට වීසා ගෙන්වා ගෙන ඇති අතර ඒ අනුව විමර්ශන නිලධාරීන් අදාළ කාන්තාව අත්අඩංගුවට ගැනීමට තංගල්ල ප්‍රදේශයේ ඇයගේ නිවසට ගිය ද ඒ වනවිටත් ඇය නිවසෙන් පළා ගොස් තිබුණි.

පසුව එම කාන්තාවගේ පුත්‍රයාට විදේශසේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයට පැමිණෙන ලෙස දැනුම් දී ඇත.එහිදී අදාළ කාන්තාව සිය ස්වාමියා සමග පැමිණ කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයට භාරවීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන තලංගම පොලිස් ස්ථානයේ රඳවා තබා පසුව මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබේ. පැමිණිලිකරුවන්ගෙන් ලබාගත් සියලුම මුදල් ගෙවන බවට ද අදාළ කාන්තාව අධිකරණයේ දී පොරොන්දු වී ඇත.