තවත් අභිරහස් මරණයක සාක්ෂී සාලියවැව නීලබැම්ම ජලාශයෙන් හමුවෙයි

සිදී යමින් පවතින නීලබැම්ම ජලාශයේ තිබී දිරා ගිය මිනිස් හිස් කබලක් හමුවී ඇති බව සාලියවැව පොලීසිය පැවසීය.

28 වෙනිදා ප්‍රදේශවාසියෙකුගෙන් ලද තොරතුරකට අනුව හිස්කබල සොයා ගැනීමට පොලීසියට හැකිවී ඇත.

කලාඔය සාලියවැව ප්‍රදේශයෙන් හරස් කර නීලබැම්ම ව්‍යාපාරය ඉදිකර ඇත. නීලබැම්ම ව්‍යාපාරය යටතේ ගොඩ ගොවිතැන් කටයුතු සිදු කිරීම කරයි.

මේ දිනවල පවතින නියගය සමග ප්‍රදේශයේ සෙසු වැව් මෙන්ම නීලබැම්ම ජලාශයේ ජලයද විශාල වශයෙන් අඩුවී ඇති අතර සිදී යමින් පවතින ජලාශයේ මසුන් මැරීම සදහා ගිය අයෙකු විසින් දිරා යමින් පැවති හිස් කබල මුලින්ම දැක ඇත.
පසුව ඔහු මේ බව සාලියවැව පොලීසියට දැණුම් දීමට කටයුතු කර තිබේ.

හිස් කබල ඇති ස්ථානයට පොලිස් ආරක්ෂාව යොදවා ඇති අතර මේ සම්බන්ධයෙන් පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණයට කරුණූ වාර්තා කිරීමට නියමිත බව සාලියවැව පොලීසිය පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !