තලාව ප්‍රාදේශීය සභාවේ සභාපති සහ මන්ත්‍රීවරුන් දෙදෙනෙකුට කොවිඩ්

අනුරාධපුර තලාව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා, මන්ත්‍රීවරුන් දෙදෙනෙකු, සභාවේ ලේකම්වරයා සහ ඔවුන්ගේ පවුල්වල සමාජිකයින් ඇතුළු 06 දෙනෙකු හට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගෙන තිබේ.

තඹුත්තේගම මහජන සෞඛ්‍ය පරීක්ෂක එස්.එම්. දිසානායක මහතා ඒ බව තහවුරු කළේය.

මේ අතර යාපනය නගරය සහ ඒ ආශ්‍රීත ප්‍රදේශවලින් වාර්තා වූ කොවිඩ් – 19 ආසාදිත පුද්ගලයින් සංඛ්‍යාව 93 දෙනෙකු දක්වා ඉහළගොස් තිබේ.

ඒ හේතුවෙන් ප්‍රදේශ කිහිපයකට සංචරණ සීමා පැනවීමට පියවරගෙන ඇති බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පැවසීය.

ඒ අනුව යාපනය නගරය සහ මණිපායි අතර ප්‍රදේශ කිහිපයක් මෙන්ම කස්තුරි මාර්ගය සහ පවර් හවුස් මාර්ගය හුදකලා කිරීමට පියවරගෙන තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?