තල් ගසකින් වැටී පුද්ගලයෙක් ජීවිතක්ෂයට

තල් ගසකින් වැටී පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පසුගියදා කයිතඩි ප්‍රදේශයේදී විදේශිකයින් පිරිසකට ලබාදීම සඳහා තල් කැඩීමට ගසකට නැගි පුද්ගලයෙකුයි මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ.

තල් ගසෙන් වැටී බරපතළ තුවාල ලැබූ මෙම පුද්ගලයා චාවකච්චේරි රෝහලට රැගෙන යන අතරතුරදීයි ජීවිතක්ෂයට පත්ව ඇත්තේ.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ කයිතඩි ප්‍රදේශයේ පදිංචි 41 හැවිරිදි සෙල්වරාසා කේතීස්වරන් නම් පුද්ගලයෙකි.

පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසු දේහය ඥාතීන්ට භාරදී තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් චාවකච්චේරි පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
2
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?