තල්පේ මුහුදු තීරයේ දිය නෑමට ගිය සිසුවෙක් අතුරුදන්

හබරාදූව තල්පේ මුහුදු තීරයේ දිය නාමින් සිටියදී අතුරුදන් වූ සිසුවෙකු සොයා මෙහෙයුමක් ආරම්භ වි තිබෙනවා.

අද පස්වරුවේ දිය නාමින් සිටි සිසුන් පිරිසක් අතරින් අයෙකු මෙලෙස රළ පහරට හසුවී ගසාගෙන ගොස් අතුරුදන් වී ඇති බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

දිය නාමින් සිටි සිසුන් පිරිසක් අතරින් 6 දෙනෙකු ගසාගෙන යමින් සිටියදී ඉන් 5 දෙනෙකු ප්‍රදේශවාසීන් විසින් බේරාගෙන තිබෙනවා.

අතුරුදන් වී ඇත්තේ පොතුහැර ප්‍රදේශයේ පදිංචි 16 හැවිරිදි සිසුවෙක්.

කුරුණෑගල ප්‍රදේශයේ උපකාරක පන්තියක් විසින් සංවිධාන කර තිබූ විනෝද චාරිකාවක පැමිණ සිටි සිසුන් පිරිසක් මෙලෙස අනතුරට ලක්ව තිබෙනවා.

එම චාරිකාවට සිසු සිසුවියන් 42ක් සහභාගී වී ඇතැයි සඳහන්.

රළ පහරට හසුවී අතුරුදන් වූ සිසුවා සොයා නාවික හමුදාව සහ පොලිසිය එක්ව මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.