තලංගම නිවසක අභිරහස් ලෙස කාන්තාවක් මිය ගිහින්

තලංගම පොලිස් වසමේ, දකුණු තලංගම ප්‍රදේශයේ නිවසක සැකකටයුතු ලෙස කාන්තාවක් මියගොස් සිටි බවට ලද තොරතුරකට අනුව පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇති බව වාර්තා වනවා.

නිවසක තනිව ජීවත් වූ වයස අවුරදු 72ක කාන්තාවක් මෙලෙස අභිරහස් ලෙස මියගොස් සිටිය දී ඊයේ (21) සොයාගෙන තිබෙනවා.

අදාළ කාන්තාවගේ පුත්‍රයා මහරගම ප්‍රදේශයේ පදිංචිව සිට ඇති අතර, සිය මව දුරකථනයට ප්‍රතිචාර නොදැක්වීම හේතුවන් නිවසට පැමිණ කළ සොයා බැලීමේ දී ඇය මියගොස් සිටි බවටයි පොලිසියට පවසා ඇත්තේ.

කෙසේ වෙතත් ඊයේ (21) රාත්‍රියේ පිටුපස දොරෙන් කිසියම් අයෙක් නිවසට ඇතුලු වී නිවසේ තිබූ රූපවාහිනී යන්ත්‍රය සහ දුරකථනයක් සොරාගෙන ගොස් ඇති බවටයි අනාවරණය වී ඇත්තේ.

මෙය ඝාතනයක් ද නැත්නම් ස්වභාවික මරණයක් ද යන්න සම්බන්ධයෙන් තලංගම පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.

මෘත ශරීරය මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදු කිරීමෙන් පසු පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා කොළඹ ජාතික රෝහල වෙත යොමුකර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක්ට රු.54000ක් ගෙවීම කිසිසේත් සාධාරණ නෑ - මට මිනිස්සු ග#යි අවුලක් නෑ
07:09
Video thumbnail
රවී - චතුරංග CoPF එකේ ගැටෙයි ? මෙහෙම රටක් ගෙනියන්න බෑනේ - බංකොළොත් වුණේ බදු එකතු කරපු නැති හින්දා
22:50
Video thumbnail
පාඩු ලබන සහ අනවශ්‍ය රජයේ ආයතන වසා දැමීම ගැන හර්ෂ කට අරියි - අනවශ්‍ය ආයතන අයින් කරලා දාන්න
09:00
Video thumbnail
කොට කලිසමත් ගහගෙන මහසෙන් ඇතා හමුවූ සජිත්
00:45
Video thumbnail
බැකෝ සමන්ගේ මවට වෙ# තැබීමට වෙ#ක්කරුවන් පැමිණි හැටි
00:59
Video thumbnail
කල්ඉකුත් වූ ද්‍රව්‍යය භාවිතා කළ දෙහිවල සැලෝන් එකක් වටලයි
01:23
Video thumbnail
කොට කලිසමත් ගහගෙන මහසෙන් ඇතා හමුවූ සජිත් - කොහොමද ගැම්මට පොටෝ ගහන හැටි
01:08
Video thumbnail
මෙයාලගේ ගජ මිතුරෝ රජයට බදු ගෙවලා නෑ - ජන අරගල ව්‍යාපාරය මහ පාරට බැහැලා දෙවනත් කරයි
07:20
Video thumbnail
බැකෝ සමන්ගේ මව එළොව යැවූ වෙ#ල්ල - වෙ#ක්කරුවන් පැමිණි හැටි - CCTV කැමරාවේ සටහන් වූ අයුරු
01:22
Video thumbnail
ජනපති හමුවූ නීතිඥයින්ට අපිලගේ සාදු දෙසයි - ජනපතිගේ ගැටේට නීතිඥ සංගමය අහුවුණා
04:00