spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

තරුණියට පහරදුන් යුවළට ඇප

සේවා ස්ථානයක් තුළ දී තරුණියකට අමානුෂික ලෙස පහරදීමේ චෝදනාවට අත්අඩංගුවට ගත් යුවළ ඇප මත නිදහස් කර තිබෙනවා.

ඒ ඔවුන් දෙදෙනා අද වැලිසර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

සැකකාර යුවළ තරුණියට පහර දෙන ආකාරය සාමාජ මාධ්‍යවල පළවු අතර, ඒ ඔස්සේ විමර්ශන සිදු කිරීමෙන් අනතුරුව සැකකාර යුවළ අත්අඩංගුවට ගෙන තිබුණා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කදාන ප්‍රදේශයේ මාර්ගගත ක්‍රමය ඔස්සේ භාණ්ඩ බෙදා හැරීමේ නිරත පුද්ගලික ආයතනයක හිමිකරු හා ඔහුගේ බිරිඳ බව ද සඳහන්.

මෙම සැකකරු පහරකෑමට ලක්වු තරුණියගේ ළගම ඥාතියෙක් ද වන බවයි පොලිසිය ප්‍රකාශ කළේ.

මොවුන් විසින් ආනියාකන්ද ප්‍රදේශයේ මාර්ගගත ක්‍රමය ඔස්සේ භාණ්ඩ අලෙවි කිරීමේ ව්‍යාපාරයක් පවත්වාගෙන ගොස් ඇති අතර පහරකෑමට ලක්වූ තරුණිය වසර 3ක පමණ කාලයක සිට මෙම සැකකාර ඥාතියාගේ නිවසේ නතරවී සිට එම ආයතනයේ සේවය කර තිබෙනවා.

සැකකරු සහ සැකකාරිය එම තරුණියගේ ඥාතීන් වීම හේතුවෙන් මෙම පහරදීම සම්බන්ධයෙන් මුල් අවස්ථාවේ එය පොලිසියට පැමිණිලි කිරීමට කටයුතු කර නොමැති බව සඳහන්.

එහෙත් පහරදීමට අදාළ වීඩියෝ දර්ශන සමාජ මාධ්‍ය මෙන්ම රූපවාහිනී ඔස්සේ ප්‍රචාරය වීම හේතුවෙන් පැමිණිලි කිරීමට තීරණය කළ බවයි ඇය ප්‍රකාශ කර ඇත්තේ. සිද්ධිය සම්බන්ධයෙන් කඳාන පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
2
+1
7
+1
2
+1
4
+1
2
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?