තරිඳු ශානකගේ පශ්චාත් මරණ පරීක්ෂණයට බිරිඳගේ ලිඛිත අවසරය හෙට

ඊශ්‍රායලයේ දී ගෙළ කපා ඝාතනයට ලක් වූ බව කියන තරිඳු ශානකගේ ඝාතනය සම්බන්ධයෙන් ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකුගෙන් ප්‍රකාශ සටහන්කර ගෙන ඇති බවට තොරතුරු වාර්තා වනවා.

ශ්‍රී ලංකාවේ ඊශ්‍රායලය තානාපති නිමල් බණ්ඩාර මහතා සඳහන් කළේ අදාළ ශ්‍රී ලාංකිකයින් දෙදෙනා ඊයේ (14) දිනයේ දී එරට ටෙල්අවිව්හි සලාමේ පොලිස් ස්ථානයට කැඳවා සාක්ෂි සහ ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවයි.

ඝාතනයට ලක් සු තරිඳු ශානක සමඟ එකට සේවය කරන සහ අදාළ සිද්ධිය සිදුවන අවස්ථාවේ සිටි ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකුගෙන් මෙලෙස සාක්ෂි සහ ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා.

මේ අතර මෙම ඝාතනය සිදුකළ බවට සැකපිට අත්අඩංගුවට ගෙන සිටින අප්‍රිකානු සම්භවයක් සහිත පුද්ගලයා ඊයේ (14) දිනයේ දී අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ බවත්, එලෙස ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලැබෙන අධිකරණ නියෝගය අනුව ඉදිරි විමර්ශන සිදුකරන බවත්, මෙම ඝාතනය සම්බන්ධයෙන් විමර්ශන පවත්වනු ලබන පොලිස් නිලධාරීන් තමන් සමඟ පැවසූ බවත් ශ්‍රී ලංකාවේ ඊශ්‍රායලය තානාපති නිමල් බණ්ඩාර මහතා පැවසුවේ.

මේ අතර ඝාතනය ලක් වූ තරිඳු ශානකගේ මෘත දේහය සම්බන්ධයෙන්වන පශ්චාත් බරණ පරීක්ෂණය සිදුකිරීම සඳහා ඔහුගේ බිරිඳගෙන් ලිඛිත අවසරයක් එරට පොලිසිය විසින් ඉල්ලා සිටි බව සඳහන් කළ තානාපතිවරයා එම අවසරය හෙට (16) දිනයේ දී බොහෝ දුරට ලැබෙනු ඇති බව ද සඳහන් කර සිටියා.

ඝාතනයට ලක්වූ පුද්ගලයා ඇතුළු ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු ඔවුන්ගේ නවාතැන ආසන්නයේ ඇති උද්‍යානයේ සිද්ධිය සිදු වූ දින රාත්‍රී 11.00 පමණ මත්පැන් පානය කොට ඇති බවයි තානාපතිවරයා පැවසුවේ.

එම අවස්ථාවේ දී තරිඳු ශානක ශාරීරික අවශ්‍යතාවක් සඳහා උද්‍යානයේ සීමාවට ගොස් සිටිය දී තවත් අයෙකු හා ගැටුමක් ඇති කරගත් හඬ ඇසුණු බවත්, තමන් යළි නවාතැනට පැමිණ ශ්‍රී ලාංකික මිතුරන් කැඳවාගෙන පැමිණි අවස්ථාවේ තරිඳු ශානකගේ ගෙළකපා මරා දමා සිටින අයුරු දුටු බවත් ශ්‍රී ලාංකිකයෙකු ප්‍රකාශ කර ඇති බවයි වාර්තා වුණේ.

මෙලෙස ඝාතනයට ලක්වූ තරිඳු ශානක ගාල්ල, බටපොළ ප්‍රදේශයේ පදිංචිව සිටි 38 හැවිරිදි දෙදරු පියෙක්.

ඔහු පසුගිය සැප්තැම්බර් මාසයේ ඉදිකිරීම් සේවා සඳහා ඊශ්‍රායලයේ රැකියාවකට පැමිණ තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කාලගුණය උඩු යටිකුරු වන ලකුණු..ඉදිරියේදී වැසි වැඩිවෙයි - සුළං තත්ත්වයේ වැඩිවීමක්
03:40
Video thumbnail
පෙරහැරේ පිටුපසින් දුටු අපූරු දසුන... පෙරහැර මැද කැමරා ඇසක් වූ දියවඩන නිලමේ
00:10
Video thumbnail
ජොන්ස්ටන් ආණ්ඩුවට රිදෙන්නම දෙසයි..මෙයාලා පට්ටපල් බොරු කිව්වේ"මහින්ද ගත්ත චෙක් කෝ දැන් "
04:38
Video thumbnail
තව ටික දවසක් බලන් ඉමු, හන්දියක් හන්දියක් ගාණේ කියපු හොරු ටික අල්ලනකල්..
00:14
Video thumbnail
අනේ හාමුදුරුවනේ අමු පචකාරයෝ ඉන්නේ - පොඩි ළමයිනේ..ගිණුම හොයාගන්න බැරි බබාලා
11:47
Video thumbnail
ජනාධිපති ගොවි පුතා කොළඹ කාර්යාලයේ, ගොවියෝ ආර්ථිකය වැටිලා මහ පාරේ..
00:12
Video thumbnail
කාටවත් බෑ මට හොරා කියන්න - මං අවුරුදු 5ක් ටොප් එකට ඇමතිකම් කළා
04:21
Video thumbnail
නවතා තිබූ බස් එකකට හොරෙන්න රිංගලා ෆුල් සුද්දයක් දුන්න හොරා - කුරුමාණම අල්ලලා සාක්කුවට දාගන්නවා
01:56
Video thumbnail
මහින්දලා, ගෝඨා එක්ක හැප්පෙන්න හයිය හම්බවුණේ අපේ අත්දැකීමෙන් - පච පොත් පිටින් ලිව්වේ..පිටු 237ක්
10:56
Video thumbnail
පොහොට්ටුවේ මීනු කළුතර හොල්ලයි..නාමල්ගේ Meetingවලට එන සෙනඟ දැකලා NPP එකේ කකුල් වෙව්ලනවා
07:01