තරඟ තහනමක් ගැන ඇමති කංචනගෙන් අනතුරු ඇඟවීමක්

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙන යෝජනා හේතුවෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට තහනමක් පනවන්නේ නම් එහි වගකීම පාර්ලිමේන්තුවට භාර ගැනීමට සිදුවන බව අමාත්‍ය කාංචන විජේසේකර පවසනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන්ට ඉවත්වීමට සහ නව ක්‍රීඩා පනතක් සම්මත කිරීමට පොදු ස්ථාවරයක් සම්බන්ධයෙන් විපක්ෂය සහ ආණ්ඩු පක්ෂය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව පිළිබඳ විවාදයට එක්වෙමිනුයි අමාත්‍යවරයා මේ බව කියාසිටියේ.

ක්‍රිකට් සම්බන්ධයෙන් සෙවීමට පත්කළ කැබිනට් අනුකමිටුවේ වගකීම කණ්ඩායම තේරීම හෝ පරිපාලනය තේරීම නොවන බව ද එම කමිටුවේ සාමාජිකයෙකු ද වන අමාත්‍ය කංචන විජේසේකර සඳහන් කළා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට එරෙහි ඒකාබද්ධ යෝජනාව පිළිබඳ විවාදය මේ වන විට පාර්ලිමේන්තුවේ පැවැත්වෙන අතර සවස් ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතයි.