තරගාවලියක ජය සොයා ශ්‍රී ලංකාව අද තරග බිමට

සිම්බාබ්වේ ශ්‍රී ලංකා තුන්වන සහ අවසන් එක්දින තරගය අද (11 ) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිත අතර තරගාවලිය 2 – 0ක් වශයෙන් ජයග්‍රහණය කිරීමට අද තරගය ශ්‍රී ලංකාවට වැදගත් වනු ඇත.

තරගාවලියේ පළමු තරගය වර්ෂාව හේතුවෙන් තීරණයකින් තොරව අත හැර දැමීමට සිදු වූ අතර දෙවන තරගය ජයගනිමින් ශ්‍රී ලංකාව මේ වන විට 1 – 0ක් වශයෙන් පෙරමුණේ සිටියි.

අද තරගය පැවැත්වෙන කාලය පුරාවට විටින් විට වර්ෂාව ඇතිවීමට ඉඩ තිබෙන බව කාලගුණ අනාවැකි සඳහන් කරන අතර මේ හේතුවෙන් බොහෝවිට අද තරගය අඩු පන්දුවාර සංඛ්‍යාවක් යටතේ ක්‍රියාත්මකවීමේ ඉඩක් පවතී.

වනිඳු හසරංගට අද තරගයේදී ක්‍රීඩා කිරීමේ හැකියාවක් පවතින බව මීට පෙර නිළ වශයෙන් සඳහන් වූ අතර බොහෝ දුරට අද තරගය සඳහා වනිඳු එක්වනු ඇතැයිද පැවසේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?